ක්‍රිකට් තේරීම් කමිටුවේ පිස්සුව ගැන, පුරෝකථනය යථාර්ථයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක් දින ක්‍රිකට් තරඟාවලිය මේවන විටත් පැවැත්වෙමින් තිබුණ ද , ඊට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ අන්ත පරාජයත් රැගෙන  මේ වන විට නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

” ලංකා ස්ක්යි ” ක්‍රිකට් වාර්තාකරු පසුගිය අගෝස්තු 26 වැනි දින ” ක්‍රිකට් තේරීම් කමිටුවට පිස්සු වැටෙයි, විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයන් කපා හරී ” යන ශීර්ෂ පාඨය යටතේත්, සැප්තැම්බර් 03 වැනි දින  ”  ආසියානු කුසලාන තරඟාවලියට  ක්‍රීඩකයන් තේරීමේදීත් කැපිල්ලක් ” යන ශීර්ෂ පාඨය යටතේත් හෙළිදරව් කළ තොරතුරු හා පුරෝකථනයන් සියල්ල යථාර්ථයක් බව මේ පරාජය ඔප්පු කොට තිබේ.

පරාජය විය යුතු රටවල් සමඟ සටනට යාමටත් පෙර, ලෝකයේ සිටින දුර්වලම ක්‍රිකට් කණ්ඩායම හමුවේ මෙවැනි අන්ත පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවූයේ, අප මීට පෙර පෙන්වා දුන් පරිදි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුවේ පක්ෂග්‍රාහී තේරීම් ක්‍රියාවලිය බව මේ වන විට අවිවාදයෙන් පිලිගැනීමට සිදුවී තිබේ.

ලංකාවේ පැවැති විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලියට, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, සීක්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, නුවන් කුලසේකර යන ක්‍රීඩකයන් ඇතුලත් කිරීමට වඩා, රමිත් රඹුක්වැල්ල වැනි ක්‍රීඩකයන් තෝරා ගැනීම  ක්‍රකට් තේරීම් කමිටුවේ අමනෝඥ භාවය විදහා දැක්වූ අවස්ථාවක් බව අප මීට පෙර පෙන්වා දුණි.

පන්දු ඕවර් 50 තරඟයේදී පන්දු රැකීමේ දක්ෂතාවය වඩාත්ම ඉහළින් සැලකිය යුතු කරුණක් වුවත්, එවැනි දක්ෂතා සහිත ක්‍රීඩකයන් කපා දමා, දක්ෂතා නොමැති ක්‍රීඩකයන් කිහිප  දෙනකුම ආසියානු කුසලාන තරඟාවලියට තෝරා ගත් බව අප පෙන්වා දුන්නේ ක්‍රිකට් තෙරීම් කමිටුවේ අමනෝඥකම හෙලිදරව් කරමිනි.

මෙවැනි තේරීම් කමිටුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව  ලාංකික ක්‍රීඩා ලෝලීන් තේරුම්ගත යුතුව ඇති අතර, ක්‍රිකට් යනු යම්කිසි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ හෝ බූදලයක් නොවන බව මේ ක්‍රිකට් තේරිම් කමිටු මහත්වරු දැන ගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *