සිරා සහ මරා ජාත්‍යන්තර සම්බාධක වලට බිය වී, පාර්ලිමේන්තුව විසුරවීමේ කුමණ්ත්‍රණය හකුළා ගනී

කුමන්ත්‍රණයක් සිදු කොට ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ පත් කළ පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේන, සිය දෙවැනි කුමණ්ත්‍රණය ලෙස සිදු කිරීමට සූදානම්ව සිටි පාර්ලිමේන්තුව විසුරවීම හිටි හැටියේම හකුලා ගෙන තිබේ.

රුපියල් කෝටි ගණන් අල්ලස් ලබා දෙමින් පවා තමන්ට අවශ්‍ය බහුතරය පෙන්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට උත්සාහ කළ ද, හොර අගමැතිට පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබා ගැනීමට නොහැකි බව තේරුම් ගත් සිරිසේන අද (07 ) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සුදානම් කොට තිබිණ.

හැට දෙලක්ෂයක ජනතාවගේ අභිලාෂයන් අමු අමුවේම පාවා දුන් නීච සිරිසේනගේ මෙම කුමණ්ත්‍රණය පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ළ වූ දැඩි තර්ජනය හමුවේ සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී දෙවැනි කුමන්ත්‍රණය වහාම හකුළා ගැනීමට සිරිසේනට සිදු වී ඇත.

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට ඇති නො හැකියාව පිළිබඳ මනා අවබෝධයක් ඇති මහින්ද රාජපක්ෂ , තමන්ට මුහුණදීමට සිදුවන අවමානය ගැන කිපී, සිරිසේන ඇතුළු පිරිස සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට සිරිසේනට බල කර තිබේ.

අඩි අටක් යට වැලලී යෑමේ බියෙන් තවමත් තැති ගැනී සිටින සිරිසේන, වහාම තම දේශපාලන කණ්ඩායම කැඳවා තමා අද රාත්‍රී 12.00 ට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට දන්වා තිබේ.

සිරිසේන විසින් සිදු කිරීමට නියමිත මෙම දෙවැනි ව්‍යවස්ථා විරෝධී රහසිගත කුමන්ත්‍රණය පිළිබඳව තොරතුර එළියට අනාවරණයවීමත් සමඟම ජාත්‍යන්තර ප්‍රජාව සිරිසේනට අනතුරු හඟවා ඇත්තේ, එවැනි දෙයක් සිදු වුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බව දන්වමින්ය.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් එවැනි සම්බාධක පැනවීමක් සිදු කළ හොත්,  ඇඟලුම් , තේ හා මත්ෂ්‍ය අපනයන ඇණහිටීමත්, අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී සම්බාධක පැනවීමත් සිදු වන හෙයින් එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජනතාවට මරු පහරක් එල්ළවීම නො වැලැක්විය හැක.

පාර්ලිමේන්තුව විසුරුවා හැර රට තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට එම මැතිවරණය රාජ්‍ය මැර බලය යොදා විරුද්ධ පක්ෂවලට පහර දී ජය ගැනීමට නීච ජනපති සහ හොර අගමැති එක්ව කළ සැලසුම, ජාත්‍යන්තර ප්‍රජාවගේ අනතුරු ඇඟවීම හමුවේ අකුලා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

නීච සිරිසේනගේ සහ මැර රාජපක්ෂලාගේ දේශපාලනය සමඟ ගැටී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට නම්, නවගුණ වැල් ගැන ගැන පිරිත් සජ්ජායනා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගොස්, ජනතාව මහ පාරට ගෙන්වා ගෙන සටන් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරීම අත්‍යාවශ්‍ය බව , මෙම වැරදුනු කුරුමානම අවබෝධ කරගත්ත වුන්ට වැටහිය යුතු වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *