බැඳුම්කර වාර්ථාව ගැන මා කියැ වූ ප්‍රකාශය මගේ නොවේ – ජනාධිපති මෛත්‍රීපාල

ජීවිතයේ පළමු වතාවට අනුන් ලියා දුන් ප්‍රකාශයක් තමන්ගේ ප්‍රකාශයක් ලෙසට රටේ ජනතාව ඉදිරියේ කියවන්නට පසුගිය දා තමන්ට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඉදිරියේ හෙළිදරව් කළාය.

ජනාධිපතිවරයා මෙම හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ ඊයේ (26) ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සුහද හමුවේදීය.

සති දෙකක කාලයක් මිඩංගු කොට අධ්‍යනය කළ යුතුව තිබූ බැඳුම්කරය සම්බන්ධ ජනාධිපති කොමිෂම් වාර්ථාව පිළිබඳ ප්‍රකාශය, දින තුනක් වැනි කෙටි කාලයක් තුළ රට හමුවේ ඉදිරිපත් කරන්නට සිදු වූයේ ඇතැම් අය සිදු කළ කෑ කෝ ගැසීම් සහ ඝෝෂා කිරීම් නිසා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය සකස් කරනු ලැබුවේ තමන් නොව , නීතීඥවරු සහ උපදේශකවරු කිහිප දෙනෙක් එකතු වී බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බවට ඇතැම් අය කියා සිටින අතර,විශේෂයෙන් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මෙම ප්‍රකාශය බොරුවක් බව ප්‍රසිද්ධියේ කියා ඇති බව ද පැවසීය.

මහත් ආන්දෝලනයකට ලක් වූ බැඳුම්කර ගණු දෙනුව පිළිබඳ ක්‍රියාවලිය ජනාධිපති කොමිෂන් වාර්ථාවේ සඳහන් වන්නේ කුමන ආකාරයෙන් දැයි , එක් මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට , එම පැණයට පිළිතුරු දී ගත නොහැකි වූ ජනාධිපතිවරයා ඉමහත් අපහසුතාවයකට පත්විය.

මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් තම ලේකම්වරයා ගෙන් විමසූ විට,ලේකම්වරයා විසින් කළ පැහැදිලි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවීය. අනතුරුව ජනාධිපතිවරයා මාධ්‍යවේදියාට පැවවූවේ, මොකද වෙන්නේ කියා තව ටිකක් බලා සිටින ලෙසය. එසේම වෙන දේ ගැන දැම්මම කියන්නට තමාට නොහැකි බවද ජනාධිපතිවරයා තව දුරටත් කීය.

බැඳුම්කරයේ ගණු දෙනු ක්‍රියාවලිය ගැනවත් හරි හැටි නොදැන , කොමිෂන් සභා වාර්ථාව පිළිබඳ ප්‍රකාශයක් කිරීමට හදිස්සි වූයේ කුමණ හේතුවක් නිසා දැයි එම සුහද හමුවට සහභාගී වූ මාධ්‍යවීදීන්ට මහත් ප්‍රහේලිකාවක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *