තිස්සගේ අලුත් පක්ෂයට ජනපතිගේ පූර්ණ අනුග්‍රහය

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට ප්‍රබල බලපෑමක් කිරීමේ අරමුණ ඇතිව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නව පක්ෂයක් ගොඩනඟමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ සහයෝගය යටතේ ලැබෙමින් පවතින බවත්, තිස්ස අත්තනායක මහතාට සමීප දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

තිස්ස අත්තනායක මහතා විසින් නිර්මාණය කරනු ලබන ” එක්සත් පුරවැසි පෙරමුණ ” නමැති මෙම  නව පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන ලද පිරිස් මෙන්ම, අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු ලෙස සිට මෑතකදී ඉවත්වූ සුදත් චන්ද්‍රසේකර වැනි අයද එක්වී සිටින බව අදාල ආරංචි මාර්ග තව දුරටත් අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය තුළ ගොනුවී සිටින බලවේගය දෙකඩ කොට, එ. ජා. ප. යට විකල්පයක් ලෙස මෙම නව පක්ෂය ගොඩනැඟීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට නිමා වෙමින් පවතින බවත්, ඒ සඳහා වූ නීතිමය කාරණා සපුරා ගැනීම වෙනුවෙන් වූ අවසාන සාකච්ඡාව පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී  පවත්වනු ලැබූ බවත් එකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

මෙම නව පක්ෂය බිහි කිරීමට හා එය ජනතාව අතරට ගෙනයෑම සඳහා අවශ්‍යකරන මූල්‍ය පහසුකම් ඇතුලු සියළු යටිතල පහසුකම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ලැබෙන බවත්, ඊට අමතරව තිස්ස අත්තනායක මහතාගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ජනාධිපති ආරක්ෂක අංශයේ භට පිරිසක් ද යොදවා ඇති බවත් අදාල ආරංචි මාර්ග කියා සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *