ජනපතිට එරෙහි දෝෂාභියෝගය මාර්තු වේ එළි දකී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මේවන විට සිය සැලසුම් සකස් කරමින් සිටින බවට ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ” ලංකා ස්කයි ” වෙත වාර්තා වේ.

ජනාධිපතිවරයාට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ඒමට පාදක වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂ මහතාව හොර රහසේ රටින් පිට කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යන කාරණය මුල් කරගෙනය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ගෝඨාභය රාජපක්ෂ මහතාව හොර රහසේම රටින් පිටමං කළ බවට රහසිගත තොරතුරු ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් වලට දැන ගැනීමට ලැබුණ ද එය සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොවීම නිසා ඔවුන් නිහඬ වී සිට ඇත.

මේ අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පසුගියදා ප්‍රසිද්ධ මහජන හමුවක් අමතමින්, ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවී ඇති බවත් ඔහු පිටවුනේ ඇයි ? සහ ඔහු පිටවුණේ කෙසේද? යන්න ඉතා නිරවුල්ව පැහැදිලි කිරීමට ඉදිරිපත් විය.

ප්‍රධාන අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමට අනුව , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභයට දුරකථනයෙන් කතා කොට , තමන් නැති වේලාවක ගෝඨාභයව අත් අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් තමන්ට කැමැති දෙයක් ඉක්මනින් කරන ලෙස දන්වා ඇත. ප්‍රධාන අමාත්‍යවරයාට අනුව ගෝඨාභය  රාජපක්ෂ රටින් පිටවී ඇත්තේ ජනාධිපතිවරයා දෙන ලද දුරකථන ඇමතුමට අනුවය.

වැලිකඩ රිමාන්ඩ් සිර කඳවුරේ සිරකරුවන් 27 ඩෙනකු ඝාතනය කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ගෝඨාභයගේ දෙමව්පියන්ගේ පිළිම නෙලීම වැනි බරපතල අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව රටින් පිට කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම අතිශය බරපතල කාරණයක් බව ආණ්ඩුව සමඟ සිටින බහුතර දේශපාලන නායකයන්ගේ මතය වී තිබේ.

මේ අතර පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්වීයෑමත්, මහබැංකු බැඳුම්කරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව් තමන් අතට පත් වූ විට , තමන් සිටින්නේ සම්මුති ආණ්ඩුවක් සමඟ බව අමතක කොට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කැඳවා එම වාර්තාව ගැන සාකච්ඡා නොකොට තමන්ගේ නිරීක්ෂන එළි දැක්වීම වැනි කාරණා හේතුවෙන් ජනාධිපතිවරයා කෙරෙහි පැවැති විශ්වාසය අතිශය ලෙස බිඳ වැටී ඇතැයි ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ අදහස වී තිබේ.

මේ තත්ත්වය යටතේ ඉදිරියේ පැවැත්වෙන පලාත්පාලන චන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කොට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්ගෙන ඒමට සූදානම් බවත්, එය බොහෝ දුරට ලබන මාර්තුවේ දී සිදුවෙනු ඇති බවත් එම ආරංචි මාරග වැඩි දුරටත් අනාවරණය කරයි.

One thought on “ජනපතිට එරෙහි දෝෂාභියෝගය මාර්තු වේ එළි දකී

  • January 18, 2018 at 1:18 pm
    Permalink

    ලංකා ස්කයි නිවුස් කතෘ තුමනි ඔබ තුමා මාද්‍ය තුලින් මහජනතාවට හෙළි දරවු කරන මෙවැනි වැදගත් සැගවුණු විශේෂ කාරණය 100 ට 1000 ක් සත්‍ය බව උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගේ මතයයි
    අපි නොදන්නා තවත් තොරතුරු …ලංකා ස්කයි නිවුස්… වලින් බලාපොරොත්තු වෙනවා ..!!!

    Nirmaal

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *