ඇමරිකන් තානාපතිගෙ නියෝගයකට, රනිල් – සාගල – මද්දුම බණ්ඩාර, නීති කඩයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විසින් කරන ලද නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සාගල රත්නායක, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන තිදෙනා එකට එක්වී ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින නීතී රීති උල්ලංඝනය කිරීමට තමාට උපදෙස් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා විසින් මෙම රහස්‍ය ප්‍රකාශය හෙළිකර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ දී සිනමාහල් වෙත අදාල චිත්‍රපට බෙදා හැරීමේ නීත්‍යානුකූල අයිතිය ඇති එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පමණි. එහෙත් අගමැතිවරයා  ඇතුලු ඉහත සඳහන් ඇමැතිවරු දෙදෙනාගේ බලපෑම මත චිත්‍රපට සංස්ථාව සතු මෙම අයිතිය පුද්ගලයන් දෙදෙනකුට ලබාදීම සඳහා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් සිය අනුමැතිය ලබා දී තිබේ.

චිත්‍රපට සංස්ථාවේ නීති රීති උල්ලංඝනය කරමින් පුද්ගලයන් දෙදෙනකුට මෙම අයිතිය ලබා දී ඇත්තේ, ලබන ජූනි 06 වැනිදා ලෝකයේ සියලුම රටවලට ප්‍රදර්ශනය සඳහා නිකුත්වීමට නියමිත ” ජුරාසික් වර්ල්ඩ් ” නමැති ඇමරිකානු චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ පිහිටි සිනමා ශාලාවල් සඳහා බෙදා හැරීම වෙනුවෙනි.

මෙම අයිතිය ලැබීමත් සමගම මෙම පුද්ගලයන් දෙදෙනා තමන්ට කැමැති මුදලකට තමන්ට අවශ්‍ය සිනමාහල් වලට පමණක් මෙම චිත්‍රපටය අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කොට ඇතැයි ද වාර්තා වේ.

චිත්‍රපට සංස්ථාව සතු චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය අදාල පුද්ගලයන් දෙදෙනාට ලබා දෙන ලෙස අගමැතිවරයා ප්‍රමුඛ අදාල ඇමැතිවරුන් දෙදෙනා උපදෙස් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදු කළ දැනුම්දීමක් නිසා බව චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා තරයේම කියා සිටී.

ඇමරිකානු තානාපතිවරයාගේ මෙම ඉල්ලීම ක්‍රියාත්මක නො කළහොත්, එය බරපතළ ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වන බව පවසන චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා, සිනමා ශාලා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන්ට පවසා ඇත්තේ දැනට ප්‍රංශයට ගොස් සිටින විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලබන 28 වැනිදා ඔහුව මුණගැසී මෙම කාරණය ඔහුට පවසන ලෙසය.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සහ සිනමා ශාලා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පැවැති මෙම රහස්‍ය කතාබහ අඩංගු හඬ පටය පහත පළවේ.

One thought on “ඇමරිකන් තානාපතිගෙ නියෝගයකට, රනිල් – සාගල – මද්දුම බණ්ඩාර, නීති කඩයි

  • May 25, 2018 at 6:50 pm
    Permalink

    Sri Lanka must boycott this film … Not watching the film tell who ever not to poke fingers into our affairs.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *