අපේ පැතුම එක්සත්, නොබෙදුණු හා නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් – ආර්. සම්බන්ධන්

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා දෙමළ ජාතික සංධානය සක්‍රීය වශයෙන් සහභාගී වූ බවත්, තම සංධානයට එක්සත්, නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවවක් තුළ බලය බෙදා හැරීමේ එකඟතාවයකට පැමිණිය හැකි බවත්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටී.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නියැලී සිටින එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කලාප භාර රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ් මහතා අතර පැවැතින් හමුවකදීය.
රටේ බහුවිධ තාව පිළිගැනීම සඳහා 1957 න් පසු අවස්ථා ගණනාවකදී උත්සාහයන් ගත්තද, අවාසනාවකට එවැනි එකඳු උත්සාහයක් හෝ සැබෑ නොවූ බව පවසා ඇති විපක්ෂ නායකවරයා, රටේ පුරවැසියන් වශයෙන් ජනතා පරමාධිපත්‍යයේ මූලධර්ම මත පදනම් වූ සමාජීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනතාවට බලය ලැබෙන එකඟතාවයකට පැමිණීම සිය බලාපොරොත්තුව බවද දන්වා තිබේ.
නව ව්‍යවස්ථාව තුළින්ම බෙදුම්වාදය දෙසට යන කුමන හෝ ගමනක් වැළැක්වීමට හැකි ඉඩ ලබා දෙනු ඇති බැවින් උතුර සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම පිළිබඳව බහුතර සිංහල ප්‍රජාව බිය විය යුතු නැති බවත් ආර්. සම්බන්ධන් මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *