අනුරාධපුරයේදී කළ ගුරුකම ඵලදරයි, සිරිසේනගේ නුහුගුණය දරුණු අතට

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්මදින ගුණසමරු උත්සවයට කඩා වැදී, එම උත්සවයේ මුඛ්‍යාර්ථය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් , ඉතා නින්දිත හා නීච ලෙස හැසිරෙමින් වෛරක්කාරී විවේචනයන් සිදු කිරීමට ජනාධිපති සිරිසේන ක්‍රියා කොට ඇත්තේ , දැනට ටික කලකට පෙර සිට ඔහුට වැලඳී ඇති නුහුගුණය මේ වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්වී තිබීම නිසා යැයි දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට දැඩි කතා බහකට ලක් වී තිබේ.

ජනාධිපති සිරිසේනට මෙම නුහුගුණය වැලඳී ඇත්තේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පිරිසක් විසින් දැනට වසර දෙකකට පෙර අනුරාධපුරයේ දී සිදු කරන ලද දරුණු ගණයේ ගුරුකමක ප්‍රතිඵලයක් හේතුවෙන් යැයි එම දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

ජනාධිපති සිරිසේනව පිස්සු වැට්ටවීම වෙනුවෙන් ඔහුගේ දේශපාලන සතුරන්ව  සිටි පිරිසක් විසින් මෙම බලගතු ගුරුකම සිදු කොට ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි සොහොන් බිමක් තුළදීය. මේ පිළිබඳව තොරතුරු මාධ්‍ය මඟින් මීට පෙර හෙළිදරව් වූ අතර, ජනාධිපති සිරිසේන ද මෙම ගුරුකම පිළිබඳව පසුව දැනුවත් වී තිබේ.

ගුරුකම සිදු කිරීමට මුල්වී ක්‍රියා කොට ඇත්තේ රාජපක්ෂවරු වුවත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයා දී ඇත්තේ උතුරු මැද පලාත් සභාවේ හිටපු මහ ඇමැති හා හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එස්. එම්. චන්ද්‍රසේන විසින් බව මීට පෙර හෙළිදරව් වී තිබුණි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට මාස කිහිපයකට පෙර මෙම නුහුගුණය මතුවන්නට පටන් ගෙන ඇති අතර, තමන්ව ජනපති බවට පත් කළ බලවේගයට විරුද්ධව ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීමට පටන් ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් පවතින අවස්ථාවක, එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාව සිටින අතරතුරම , එකී ආණ්ඩුව පෙරලා දමා රාජපක්ෂවරුන් හා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා තමන් සමඟ එකට හිට ගන්නා ලෙස මහින්ද රාජපක්ෂට සහ ඔහු සමඟ සිටින මන්ත්‍රීවරුන්ට ප්‍රසිද්ධියේ ආරාධනා කිරීමට ජනාධිපති සිරිසේන ක්‍රියා කොට ඇත්තේ පෙර කී බලගතු ගුරුකමේ ප්‍රතිඵලය නිසා බවද කියැවේ.

දකුණු පලාතේ කට්ටඩියන් ගෙන්වා සිදු කරනු ලැබූ මෙම බලගතු ගුරුකම හේතුවෙන් ජනාධිපති සිරිසේනට  මතු වී ඇති නුහුගුණය මේ වන විට ඉතා දරුණු අතට හැරෙමින් පවතින බවත්, ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේ පැවැති සෝභිත හිමි ගුණ සමරු උත්සවයේ දී ඔහුගේ හැසිරීම ඊට හොඳම ආසන්නතම සාක්ෂිය බවත් දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්  කියා සිටිති.

ගුණසමරු උත්සවයට බලහත්කාරයෙන් කඩා වැදුණු සිරිසේන , පට්ටපල් බොරු ගණනාවක් ඇදබාමින් එම ගුණ සමරු උත්සවයේ මුඛ්‍යාර්ථය සම්පූර්ණයෙන්ම විනාශ කළේය.

තමන්ව බලයට පත්කිරීමට ජීවිත අවදානම් නොතකා දිවා රෑ වෙහෙසුනු ජනතා බලවේගවල නියෝජිතයන්ට ඉතා නීච ලෙස පහර ගසමින් වෛරක්කාරී ලෙස පට්ටපල් බොරු ඇද බෑ සිරිසේන වැනි ගුණමකුවෙකුට මේ රටේ ජනතාව වෙනුවෙන් පිළිතුරු ලබාදීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු නායකයන්ට පරම වගකීමක් පවතින බව ප්‍රගතිශීලී දේශපාලනඥයන්ගේ මතය වී තිබේ.

සිරිසේන වැනි ගුණමකුවෙකු පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජණා කරමින්, ඊට එක්සත් ජාතික පක්ෂයේ හා අනෙකුත් දේශපාලන බලවේග වල එකඟතාවය ලබා ගැනීමට වෙහෙස මහන්සිවී ක්‍රියා කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට, නීච සිරිසේන විසින් ඊයේ (30) එල්ල කළ දරුණු ප්‍රහාරයට නිසි පිලිතුරු චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ලබා දිය යුතුව තිබේ.

ජනාධිපති සිරිසේන ඊයේ (30) පැවැති ගුණසමරුම් උත්සවයේ දී ප්‍රධාන කරුණු කිහිපයක් මතු කැරිණ. පලමුවෙන් සමුලුවට ආරාධනා නොකිරීම ගැන හඬා වැටුණි. ආරාධනා නොකිරීම ඉතාමත් නිවැරදි තීරණයක් බව සිරිසේන විසින්ම මනා කොට ඔප්පු කොට පෙන්වීම ගැන සිරිසේනට ස්තූති කළ යුතු බව ඊට සහභාගී වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ල. නි. ප. යේ සභාපති තනතුර භාර ගන්නට යන විට සෝභිත හිමියන් පැවැසූ බවට සඳහන් කළ ” රොටිය පිච්චීම වෙනුවට රොටිය ඇට්ටකුණා වෙන්න ඉඩ තියෙනවා” යන පුරෝකථනය ඉතා නිවැරදි බව මේ වනවිට සිරිසේන ඔප්පු කොට අවසන්ය.

රොටිය ඇට්ටකුණා වෙච්ච හැටියි, රොටිය කන්න බැරි වෙන තරමට කරවෙච්ච හැටියි තමාට හොඳට කියන්න පුලුවන් බවත්, ඒ සඳහා ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසත් සිරිසේන අභියෝග කළේ එක්සත් ජාතික පකෂයට විය යුතුය. යහපාලන ආණ්ඩු තැනීමට දායක වූ ජනතාව වෙනුවෙන් එම අභියෝගය භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පරම යුතුකමක් හා වගකීමක් තිබේ.

ඉංග්‍රීසි පුවත්පතක් පෙන්වමින් මහතීර් මොහොමඩ් හා සිරිසේන සංසන්ධනය කරමින් පළ කළ ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බව මැලේසියාවට කතා කර හොයා ගත් බවට සිරිසේන කළ ප්‍රකාශය පිලිබඳව අදාල මාධ්‍ය ආයතනය වහා පිලිතුරු ලබා දී තමන්ගේ නිවැරදි භාවය ජනතාව හමුවේ ඔප්පු කළ යුතුව තිබේ.

පැරදුනු මහින්දට තංගල්ලට යන්නට හෙලිකොප්ටර් ලබා දුන්නේ මමද? කියා සිරිසේන ඇසූ ප්‍රශ්නයට මේ වනවිටත් සමාජ ජාලා වෙබ් අඩවි තුළ සැරිසරන වීඩියෝව මගින් පිලිතුරු ලැබී ඇතත්, සිරිසේනගේ දුරකථන ඇමැතුමට පිලිතුරු දුන් ගුවන් හමුදාපතිට උපදෙස් හා නියෝග දුන්නා යැයි කියන තවත් අහවල් කෙනෙක් ඉන්නවා දැයි රටේ මාධ්‍යවේදීන් ගුවන් හමුදාපතිගෙන් අසා ජනතාව දැනුවත් කළ යුතුය.

මහින්ද රාජපක්ෂට ගෙදර යන්න හෙලිකොප්ටර් දෙකක්ම තමා විසින් දුන්නු බව සිරිසේන කිවේ 2016 අප්‍රේල් 09 වැනිදා මොණරාගලදීය. ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙකු ඉඩ නොදෙන විදිහේ, ආණ්ඩුවේ හමුදාව තමන්ට කැමැති විදිහට තෝරාගෙන ගෙදර ගෙනියන්නටත්, දේශපාලනය කරන්නටත්, මහින්ද රාජපක්ෂට තමන් ලබා දුන් බව සිරිසේන තමන්ගේ කටින්ම කියූ ප්‍රකාශ මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි වල සැරිසරමින් තිබේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධ නඩුව පිලිබඳව සිරිසේන සිදු කළ ප්‍රකාශය ගැනද රටේ ජනමාධ්‍ය විශේෂයෙන් සොයා බැලිය යුතුව තිබේ. නඩුවේ නීතීඥයා සහ තාජුඩීන්ගේ දෙමව්පියන් සමඟ කතා බහ කර අහගන්න යැයි සිරිසේන කිවේ රහසක් විය යුතුය. ජනමාධ්‍යවේදීන් පමණක් නොව දේශපාලනඥයන්ද වහාම මෙය සොයා බැලිමට මැදිහත්විය යුතුව තිබේ.

නඩු කෙරෙන්නේ නැත්තේ තමන් නිසා යැයි තමන් ගැන වැරදි අර්ථකථනයක් දෙන බවට සිරිසේන කළ ප්‍රකාශය ගැන කරුණු කිහිපයක් සිරිසේනට මතක් කර දිය යුතුව තිබේ.

මූල්‍ය අපරාධ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ දිල්රුක්ෂි වික්‍රමසිංහ විසින් ගෝඨාභයව අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේන පරලවී වේදිකා ගානේ කෑගැසුවේ රණවිරුවන් උසාවි දක්කාගෙන යෑමට තමා ඉඩ නොදෙන බව කියමිනි. දිල්රුක්ෂි  මහත්මියට රාජකාරි කිරීමට ඉඩ නොදී ඇයව ඉවත් කළේ ගෝඨාභයව අධිකරණයට ගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇය උත්සාහ කළ නිසාය.

සිරිසේන රට නැති වෙලාවට ගෝඨාභයව අත් අඩංගුවට ගන්න ඉඩ තියෙන නිසා ගෝඨාභයට හැකි ඉක්මනින් රටින් පිට වෙන්නැයි ජනාධිපති සිරිසේන ගෝඨාභයට කියූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සිරිසේනගේ සුවච ගෝලයෙකු වන බස්නාහිර පලාත් මහ ඇමැති ඉසුර දේව්ප්‍රිය ය.

මෑතකදී ආණ්ඩුවේම පුවත්පතක් වන ” දිණමින ” පුවත්පත නීතීඥ සුගන්දිකා ප්‍රනාන්දු සමඟ කළ සංවාදයක දී ඇය විසින් ඉතා පැහැදිලිව කියා තිබුණේ, අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, ගෝඨාභයව අත් අඩංගුවට නොගන්නේ , ජනාධිපති සිරිසේන විසින් ගෝඨාභයව අත් අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර ඇති නිසා බවකි.

මේ අනුව නීතිය හා නඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ සිරිසේන නිසා බව කීම වැරදි අර්ථකථනයක් නොවන බව ඕනෑම කෙනෙකුට මෙයින් පැහැදිලි වේ.

දින 100 ගැන තමන් හාන්කවිසියක් දන්නේ නැති බවට සිරිසේන කියූ පට්ටපල් බොරුවට නිසි පිලිතුරු මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි වල සැරිසරන වීඩියෝ පටයෙන් ලැබී තිබේ. දින 100 වැඩසටහන ඇතුලත් පොත් පිංච අතැතිව , එහි ඇති කරුණු දින 100 තුළ ඉටු කරන බවට සිරිසේන විසින් ජනතාව ඉදිරියේ පොරොන්දු වන අයුරු එම වීඩියෝවෙන් බලා ගත හැක.

සෝභිත හිමිගේ ගුණ සැමරුමේදී නුහුගුණයෙන් දෙසා බෑ බේගල් අතර, සිරිසේන විසින් භයානකම ප්‍රකාශය කළේ අවසානයටය. ඒ මෙසේය.

” සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ උඩ ඉන්නවා නම් දෙවියෙක් වෙලා, සත්‍ය දේ මේ රටට හෙළිදරව් විය යුතුයි කියලා ආශිර්වාද කරන්න. අවුරුදු තුනහමාරක් තුළ සිදුවූ බරපතල වැරැද්ද නිවැරදි කරන්න කාලය පැමිණ තියෙනවා.”

සෝභිත හාමුදුරුවෝ ඉන්නේ කොහේද යන්න අප නොදනිමු. එහෙත් සත්‍ය දේ හෙළිදරව් වීම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ” අවුරුදු තුනහමාරක් තුළ සිදු වූ බරපතල වැරැද්ද” යනු යහපාලන ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ඉඩදීම විය යුතුය. එය නිවැරදි කිරීම යනු යහපාලන ආණ්ඩුව විනාශ කොට නැවත මහින්ද රාජපක්ෂලා සහ ගෝඨාභය රාජපක්ෂලා රජ කරන ආණ්ඩුවක් හදා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම බව ඉතා පැහැදිලිය. ඒ වෙනුවෙන් සිරිසේන කරන්නට සැලසුම් කර ඇති මහා පාවාදීම හා කුමන්ත්‍රණය කුමක්දැයි ඉතාමත් නුදුරේදී අපි හෙළිදරව් කරමු.

සිරිසේනගේ සුදු රෙද්දෙන් වසා ගෙන සිටින මෙම කුමන්ත්‍රණය නොදැක, සිරිසේනගේ රෙද්ද දෙස විතරක් කට ඇරගෙන බලා සිටින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පිළිබඳව අපට කණගාටුවක් නැතත්, යහපාලන ආණ්ඩු ගොඩ නැඟීමට ජීවිත පරදුවට තබා ලේ දහඩිය කැප කළ රටේ අහිංසක ජනතාව ගැන අප තුල අනුකම්පාවක් පවතින බැවින් අප මෙම කුමන්ත්‍රණය හෙළි කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *