අත්තනගල්ල චන්ද්‍රිකාට වෙල්ගම සහ අලුත්ගමගේ දොට්ට

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්තනගල්ල ආසනයේ නව සංවිධායකවරිය ලෙස පත්කොට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් මෙම පත්කිරීම සිදු කොට ඇත්තේ , කොළඹ ජනාධිපති මන්දිරයේ දී අද පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරය.

මේ අතර මතුගම ශ්‍රි ල නි ප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහතා සහ නාවලපිටිය ශ්‍රී ල නි ප ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් එකී ආසන සංවිධායක තනතුරුවලින් නෙරපා හැර තිබේ.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස පත් කොට ඇත්තේ හිටපු ඇමැතිවරියක් වන සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය ය. නාවලපිටිය නව සංවිධායක තනතුර ලබා දී ඇත්තේ මධ්‍යම පළත් සභා මන්ත්‍රී එච්. ඒ. රණසිංහ මහතාට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *