හොර කැබිනෙට්ටුවේ ඇමැතිවරු ආපසු යහ පාලනයට

හොර අගමැති සහ හොර කැබිනෙට්ටුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පළවා හැරීමෙන් පසු , එම කැබිනෙට්ටුවේ අමාත්‍යධූර දරමින් සිටි බොහෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරමින් යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට සම්බන්ධවීමට කැමැත්ත ප්‍රකාශ කරමින් සිටින බව අරලියග මැදුරට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි.

පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඒ. එච්. එම්. ෆවුසි, පියසේන ගමගේ සහ මනූෂ නානායක්කර යන හිටපු ඇමැතිවරු රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කරනු ලැබුණි.

ඉතාමත් නුදුරේ දී , හොර කැබිනෙට්ටුවේ ඇමැතිධූරයක් දැරූ වසන්ත සේනානායක නැවතත් රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

මීට අමතරව සිරිසේනගේ ප්‍රබලයන් පිරිසක් ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව යටතේ ඇමැතිධූර ලබා ගනිමින් යහපාලන රජය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එකඟත්වය ප්‍රකාශ කර ඇතැයි ද අරලියග මැදුරේ ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *