සිරා- මරා ඒකාධිපති වියරුවට එරෙහිව මාරාන්තික සත්‍යග්‍රහයක් ඇරඹේ

ජනාධිපති සිරිසේන සහ ඔහු විසින් පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන උත්සාහය පරාජය කොට නැවතත් රට තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගන්නා තෙක් මාරාන්තික සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාතික ව්‍යාපාරය තීරණය කොට තිබේ.

එම ව්‍යාපාරයේ නායකයෙකුවන පූජ්‍ය දඹර අමිල හිමියන් මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට පැමිණ සිටින දහස් සංඛ්‍යාත ජනතාව ඉදිරියේදීය.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන විශාල සංඛ්‍යාවකගේ එකමුතුවකින් යුතුව මේ වන විට කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන උද්ඝෝෂණයට අති විශාල ජනතාවක් සහභාගී වී සිටිති.

ජනාධිපති සිරිසේනට සහ හොර අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව ජීවිත පරදුවට තබා සටන් කිරීමට තමන් නොබියව ඉදිරිපත් වන බවට එම විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී සිටින ජනතාව එක හඬින් ප්‍රකාශ කර සිටිති.

පහත පළවන්නේ එම විරෝධතාවට සහභාගී වූ ජනතාවගෙන් කොටසක් දැවෙන ඡායාරූප කිහිපයකි.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *