සාකච්ඡාවට නාවොත් ශ්‍රී ල නි ප ය හැර ගියා ලෙස සලකනවා

  ලබන මස 3 දා පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවන්නේ නම්, ඔවුන් පක්ෂය හැරගියා සේ සැලකීමට සිදුවනු ඇතැයි එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ‘ ලංකා ස්ක්යි ‘ වෙත පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙනි.
 මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් අද (24) ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීම  ආරම්භ විය.
ලබන මස 3 දා පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවට සහභාගි නොවන මන්ත්‍රීවරු පක්ෂය අතහැර ගියා සේ සැලකීමට සිදුවනු ඇති බව  ශ්‍රී. ල. නි. ප. ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිපි ලැබුණු පසු මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වී සාකච්ඡා කර එම සාකච්ඡාවට  යන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළැඹෙන බව අප කළ විමසීමක දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රකාශකයකු සඳහන්  කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *