රතනසාර හිමිගේ ඩබල් ඇක්ටින් ගැන පොලිසියට තොරතුරු

පසුගිය 26 වැනි දා ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අරඹේපොල රතනසාර හිමියෝ,  තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්  යන නමින් පාවිච්චි කළ ව්‍යාජ හැදුනුම් පත යොදා ගනිමින්  කරන ලදැයි සැක කරන  සිද්ධීන් කිහිපයක් ගැන පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

අරඹේපොල හිමියෝ ගිහි පැවිදි හැඳුනුම්පත් දෙකක් ද සහිතව මහනුවර සිට කොළඹට යමින් සිටිය දී විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ ( 20 ) අලුයම දී ය.

රතනසාර හිමි  ලඟ තිබූ එක් හැඳුනුම් පතක සඳහව තිබුණේ අරඹේපොල රතනසාර හිමි, උපන් දිනය 1992. 12. 05, උපත කුරුණෑගල, ලිපිනය- අංක 226 පූර්වාරාම පාර කිරුලපන කොළඹ 05 යනුවෙනි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2011 දෙසැම්බර් මස 9 වැනි දින ය.

රතනසාර හිමියන් විසින් භාවිත කර ඇති අනෙක් හැඳුනුම්පතේ සඳහන් වෙන්නේ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්, දූව පන්සල පාර, කලුතර දකුණ යනුවෙනි. එහි සඳහන් උපන් දිනය ඉහත සඳහන් හැඳුනුම්පතේ උපන් දිනයම වෙයි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2017. 07. 05 දින වෙයි.

රතනසාර හිමියන් විසින් එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ ද සහ ඒ හරහා සිදු කර ඇති වංචා සහගත දේවල් මොනවාද යන්න සොයා ගැනීම සඳහා කොළඔ අපරාධ කොට්ඨාසය රතන සාර හිමියන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ගෙන යන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *