‘ මදීනා’ හෝටලය ගිණිතබා ඇත්තේ පොලීසියේ හා හමුදාවේ පුත්තු

පසුගිය මාර්තු 11 වැනිදා අළුයම ආණම්ඩුවේ ‘ මදීනා ‘ හෝටලය ගිණි තබා විනාශ කිරීමට කටයුතු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු, හිටපු හමුදා නිලධාරියෙකුගේ පුතෙකු සහ රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනෙකු බව මේ වන විට අනාවරණය වී තිබේ.

ආණමඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් සිව් දෙනා වයස අවුරුදු 17 ත් 25 ත් අතරේ පසුවෙන්නන් බව පොලීසිය පවසයි.

‘ මදීනා ‘ හෝටලයට ගිණි තැබීම සඳහා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ද සම්බන්ධ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

මෙම චෝදනාව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න දැඩි සේ ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසන්නේ මෙම ගිණි තැබීම සිදු කර ඇත්තේ දේශපාලන භේදයකින් තොර නොදරුවන් පිරිසක් විසින් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මීට වසර කීපයකට පෙර රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ කාර්යාලයේ සේවය කරන ලද පුද්ගලයෙකු ද සිටී.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සේවකයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මිට වසර කීපයකට පෙර ඔහු රැකියාවෙන් ඉවත් කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *