නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය යැයි මල්වතු පාර්ශවය තීරණය කර නෑ

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට හෝ අවශ්‍යතාවයක් නොමැති බවට මල්වතු පාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව ඒකමතිකව තීරණයක් ගෙන ඇති බවට පලවූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

මලවතු අස්ගිරි අනුනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් මුණ ගැසී සාකච්ඡා කළත්, අදාල සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවූ බවත් විමලධම්ම හිමියෝ පවසති.

මල්වතු පාර්ශවය නියෝජනය කරමින් අදාල සාකච්ඡාවට සහභාගි වූයේ තමන් වහන්සේ හා ශ්‍රී දළඳා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත් පැවසූ විමලධම්ම හිමියෝ, ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන්නේ මහනාහිමි බවත්, එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොතිබිය දී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට මල්වතු පාර්ශවය තීන්දු කළ බවට වූ මාධ්‍ය වාර්තා පළ කිරීම අතිශය  වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *