ගෝඨා නිසා සචින් වාස් අවුල් වෙයි

අනාගත ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පූර්ණකාලීනව හා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට මහත් බලාපොරොත්තුවෙන් සිටි සචින් ද වාස් ගුණවර්ධන මහතා මේ වන විට අපේක්ෂා භංගත්වයට පත් වී සිටින බව ඔහුට සමීප දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙසට ගෝඨාභය රාජපක්ෂව නම් කිරීමට තිබූ සියළු බාධා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ගෝඨාභයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ සියළු විරෝධයන් සමනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ඇති බවත් සචින් ද වාස් ගුණවර්ධන මහතා මීට සති දෙකකට පෙර සිය සමීපතමයන් ඉදිරියේ හෙළිදරව් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වය ස්ථීර බවට මීට සති දෙකකට පෙර ප්‍රකාශ කළ සචින් ද වාස් ගුණවරධන, හිටි හැටියේම මෙසේ අපේක්ෂා භංගත්වයට පත්වී ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ පිලිබඳව ගෙන ඇති අලුත්ම තීරණය හේතුවෙන් බව සචින් ද වාස් ගේ සමීපතම මිතුරන් අනාවරණය කර සිටී.

ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපත්වරණයේ දී අපේක්ෂකත්වය ලබා නොදීමට මහින්ද රාජපක්ෂ මේ වන විට තීරණයක් ගෙන ඇති බව සචින් ද වාස් විසින් සිය දේශපාලන සමීපතමයන් ට ප්‍රකාශ කොට තිබේ.

මහින්ද රාජපක්ෂ විසින් මෙම තීරණය ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂ පිලිබඳව මතු කර ඇති දැඩි විරෝධය හේතුවෙනි. අහඹුවක් ලෙස හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වුව හොත් යළි කිසි දිනක නාමල් රාජපක්ෂට රටේ නායකත්වයකට පත්වීමට කිසිදු ඉඩක් නොලැබෙන බව කරුණු සහිතව නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂට පෙන්වා දී තිබේ.

නාමල් , ශිරන්ති ඇතුළු මහින්ද රාජපක්ෂ පවුලේ දැඩි විරෝධය හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට හිමි නොවන බවත්, ගෝඨාභය ජනපතිවීමට වඩා රනිල් ජනාධිපති වීම නාමල් රාජපක්ෂගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කර ගැනීමට රුකුලක් වන බවත් මහින්ද රාජපක්ෂ පවුලේ මතය වී ඇත.

කුමාර වෙල්ගම ඇතුලු මහින්ද රාජපක්ෂගේ සමීපතම ප්‍රබලයන් ගෝඨාභයට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමට ආරම්භ කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ හා නාමල් රාජපක්ෂගේ අනු දැණුම මත බවත් සචින් ද වාස් ගුණවරධන විසින් තම සමීපතමයන් හමුවේ ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *