ගෝඨාභයගේ ජනපති අපෙක්ෂකත්වය ස්ථිරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ  විපක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුනවර්දන මහතා සිය දේශපාලන සමීපමතයන්  වෙත දන්වා තිබේ.  ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය දිනක අම්බලන්ගොඩදී පැවති රහස් සාකච්ඡාවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සජින් ද වාස් ගුනවර්දන මන්ත්‍රීවරයා  පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ  ජනපති අපේක්ෂකත්වය පිළිබඳව උද්ගතව පැවැති ගැටළු සියල්ල මේ වන විට නිරාකරණය ගෙන ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියද මේ වන විට ඒ සඳහා හිමිවී ඇති බවය.⁣

තමන් ගොඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වන බවද සජින් වාස් ගුනවර්දන මහතා මෙහිදී  පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී,  අපරාධ මානුෂවාදී නීති හා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනාවන් ඇති ගෝඨාභයට ඇමරිකානු පුරවැසි බව ඉවත්කර ගැනීම ලෙහෙසි පහසු නොවෙනු ඇතැයි ඇමරිකානු තානාපති අතුල් කේශාප් විසින් කරන  ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ද  අවධාන යොමු වූ බවත් සජින් ද වාස් ගුනවර්දන මන්ත්‍රි වරයා තම සමීපතමයන්ට ප්‍රකාශ කොට තිබේ.  එහෙත් මේ වන විට  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ඇමරිකානු පුරවැසි බව ඉවත් කිරීමට ඇමරිකාව එකඟ වී ඇති  බැවින් එම ගැටලුව ද සමථයකට පත්වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා විසින් අනාවරණය කළ බව ද සචින් ද වාස් හෙළි කොට තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂත්වය අවස්ථාව එළඹෙන තුරු අනාවරණය නොකිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද සජින් ද වාස් ගුනවර්දන හිටපු මන්ත්‍රී වරයා සිය සමීපමතයන් වෙත වැඩි දුරටත් කියා තිබේ.
(විමුක්ති විජයබාහු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *