පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ

පිළිකා රෝගින් භාවිතා කරන Chlorambucil tablets l p clokeran -2 නැමති ඖෂධ විශේෂය නොමැති වීමෙන් කුරුණෑගල මහ රෝහලට පැමිණෙන රෝගින් බරපතල පීඩාවට පත්ව සිටිති. රෝගීන් පවසන්නේ මෙම ඖෂධය සති දෙකකට වරක් ගතයුතු බවත්,  රුපියල් 48,000කට අධික මුදලක් ඒ සදහා වැය වන බවත්ය. ඉතා අසීරුවෙන් දෛනික ජිවිතය ගැට ගසා ගන්නා තමන්ට  මෙවැනි විශාල මුදලක් දැරිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් තමන්ට හැකි පමණින් බලධාරින් දැනුවත් කළත් ඊට කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔවුන් පවසති.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ඖෂධය දැනට කොළඔ  ප්‍රදේශයේ පුද්ගලික ඔසුසල් කිහිපයක පමණක් පැවතීමයි. තවද දිවයිනේ ප්‍රධානතම රෝහලක් වන කුරුණැගල ශික්ෂණ රෝහලේ මෙවැනි විශේෂ‍ ඖෂධ වර්ගයක් නොමැති නම් දිවයිනේ සෙසු රෝහල්වල තත්ත්වය කෙසේ දැයි සිතාගත හැකිය. අප රෝගින් සමඟ කළ සාකච්ඡා වලදී ඔවුන් පවසන්නේ තම ප්‍රදේශයේ මූලික රෝහලෙන් මෙම ඖෂධය ලබා ගන්නා ලෙස පිළිකා රෝහල තමන්ව දැනුවත් කරන බවයි. රෝගින් පවසන්නේ අඩු ආදායම් ලාභි තමන්ට මෙවැනි විශාල මුදලක් වැයකර පුද්ගලික ඔසුසල් වලින් ඖෂධ මිලට ගැනීමට හැකියාව නොමැති බැවින් , ඉතා ඉක්මණින් තමන් මරණය කර ළංවෙන  බවයි.

මෙම ජනතාව මරණයට දින ගණින්නේ ස්වකැමත්තෙන් නොව ඖෂධ නොමැති කමින්  නිසා, නිදහස් සෞඛ්‍යය සේවාවක් පවතින රටක් තුළ මෙම සමීකරණය ගලපා ගන්නේ කෙසේදැයි අප බලධාරින්ගෙන් විමසා සිටින්නෙමු.

One thought on “පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ

  • July 24, 2018 at 5:00 pm
    Permalink

    ගංජා තෙල් බින්දු කිහිපයක් දිනකට දෙපාරක් පමණ දින දෙසීයක් පමණ බීමෙන් ඔනෑම වර්ගයක පිළිකාවන් නිට්ටාවටම සුවවේ . ගංජා තෙල් හදන හැටි, මේ වීඩියෝවෙන් ඉගෙන ගන්න. https://www.youtube.com/watch?v=0JrPGWJpq30

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *