ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්කගේ මිතුරෙක් නොර්වීජියන් කතක් දූෂණය කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක ගේ මිතුරකු ,කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකදී 23 හැවිරිදි නෝර්වීජියානු කාන්තාවක් දූෂණය කර ඇතැයි කොල්ලුපිටිය පොලීසියෙන් වාර්තා වේ.

දූෂණයට ලක් වූ මෙම නෝර්වීජියානු කාන්තාව අදාල පැමිණිල්ල සිදු කොට ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පොලීසිය වෙතය.

මෙම දූෂණය සිදු කළ සැකකරු එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි 26 හැවිරිදි ශ්‍රී ලංකිකයෙකු වන බව පොලීසිය පවසයි.

නාවල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ශ්‍රී ලාංකික සැකකරු කොල්ලුපිටිය පොලිසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.

දූෂණයට ලක්වූ කාන්තාව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ ඉතා පැහැදිලි ලෙස අදාල සැකකරු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකගේ මිතුරකු බවට සඳහන් කොට ඇතැයි පොලීසිය වැඩි දුරටත් කියා සිටී.

මේ අතර අත් අඩංගුවට ගත් සැකකරු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකගේ මිතුර්කු බව ක්‍රීඩාඅ අමාත්‍යංශ ආරංචි මාර්ග ද සනාථ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *