එ. ජා. ප. ය දිනූ හම්බන්තොට මහ නගර සභාවත් ශ්‍රී. ල. නි. ප. සහයෙන් පොහොට්ටුවට

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පකෂය බලය හිමිකර ගත් හම්බන්තොට මහ නගර සභාවේ බහුතර බලය ඔවුනට අහිමි කරමින් එහි නගරාධිපති තනතුර , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ( ශ්‍රී ල. නි. ප. යෙන් ) තේරී පත්ව සිටින තමා මේ වනවිට ක්‍රියා කරමින් සිටින බව එරාජ් ප්‍රනාන්දු කියා සිටී.

දේශපාලන පක්ෂවල මතය කුමක් වුවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා එක්සත් ජනතා සංධානයෙන් තේරී පත්ව සිටින සියළුම නියෝජිතයන් තමාව නගරාධිපති ලෙස පත් කර ගැනීමට මේ වන විට එකඟත්වය ප්‍රකාශ කොට ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටී.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බලය තහවුරු කර ගෙන සිටින මහ නගර සභා 10 න් එක් මහ නගර සභාවක බලය ඔවුනට අහිමි වනු ඇත.

එසේම මෙම මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ලබා ගැනීමත් සමඟම අනෙකුත් පළාත් පාලන ආයතන වලද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස් එක්ව බලය පිහිටුවීම සිදුවනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ සිටින දකුණු පලාත් අමාත්‍යවරයෙකුගේ මතය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *