උදයංග වීරතුංග ගේ ඉඩම් සහ ගෙවල් විකිණීම තහනම් බැංකු ගිණුමේ රු. මි. 94 ක්, නැන්දගෙ ගිණුමේ මි. 20 ක්

 

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට  අයත් දොම්පේ ප්‍රදේශයේ අක්කර 7 ක  ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම ඔහුට අයත් කොළඹ ඉඩම් අක්කරයක් සහ ඇල්විටිගල මාවතේ පිහිටි ට්‍රිලියම් රෙසිඩන්සිස් නිවාස සංකීර්ණයේ නිවසද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ  ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර උදයංග වීරතුංගට අයත් බැංකු ගිණුම් 8 ක රුපියල් මිලියන 98 ක වත්කම් ඇති බව  පසුගිය 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර ඇත. මීට අමතරව රුපියල් මිලියන 20 ක් උදයංග වීරතුංගගේ නැන්දණියගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවටමූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය අධිකරණය හමුවේ කියා සිටි අතර, එම ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව ඒ සඳහා අවසරය ලබා දෙන නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *