ආණ්ඩුවේ සිටි රාජපක්ෂ කල්ලිය ඉවතට

යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරමින්ම , එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව
ඡන්දය ප්‍රකාෂ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටි රාජපක්ෂවාදීන් 16 දෙනා අද (11) රාත්‍රියේ දී ආණ්ඩුවෙන් ඉවත්වී තිබේ.

විශ්වාසභංගයේ සැඟවුණු පීතෘවරයා වූ ජනාධිපති සිරිසේන සමඟ අද රාත්‍රීයේ දී පැවැති රැස්වීමකදී මෙම ඉල්ලා අස්වීම සිදු කොට තිබේ.

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු ලෙස සිටි 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළ අය ද තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මීට පෙර ජනාධිපති වෙත භාර දී තිබුණ ද, ඉල්ලා අස්වීමට ජනාධිපතිගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලැබුවේ මීට ස්වල්ප වේලාවකට පෙරදීය.

ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ පිරිස පාර්ලිමේන්තුවේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය පළකරන බව ඩිලාන් පෙරේරා ප්‍රකාශ කොට ඇත.

ඉල්ලා අස්වූ 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට බලාපොරොත්තුවක් නැතැයි දයාසිරි ජයසේකර සහ ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් පමණින් ශ්‍රී ල. නි. ප. 16 දෙනා වීරයන් නොවන බවත්, ඔවුන් සියළු දෙනාම පසුගිය වසර 3 තුළ සිදුකළ පව් කමා කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ ලබා නො දිය යුතු බවත් කියා සිටිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි සංවිධායකයා වන බැසිල් රාජපක්ෂ මේ පිරිසට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කොට තිබුණි.

ඉල්ලා අස්වූ 16 දෙනා

කැබිනට් ඇමැතිවරුන් –  සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

රාජ්‍ය ඇමැතිවරුන් –  ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

නියෝජ්‍ය ඇමැතිවරුන් – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *