අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරු සිරිසේනව මුණගැසීමට බෑ කියයි

ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් රටේ මූලික නීතිය උල්ලංඝණය කොට රට අරාජික තත්ත්වයකට ඇද දැමූ ජනාධිපති සිරිසේනව මුණගැසීමට අස්ගිරි පාර්ශවයේ හා මල්වතු පාර්ශවයේ මහ නායක හිමිවරු ප්‍රතික්ෂේප කළ බව මල්වතු හා අස්ගිරි මහ විහාර වලට සමීප ආරංචි මාර්ග වලින් ” ලංකා ස්කයි ” වෙත වාර්තා වේ.

09 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරි ජනාධිපති සිරිසේන අද ( 10 ) උදෑසන මහනුවරට ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත් අතර, ඉන් අනතුරුව නියමිතව තිබුණේ මලවතු හා අසගිරි විහාර වලට ගොස් මහනායක හිමිවරු බැහැදැකීමටය.

මහ නායක හිමිවරුන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණීමට නියමිත බවට එම නා හිමිවරුන් වෙත දැන්වීමට ගිය නිළධාරියාට එම නා හිමිවරුන් පවසා ඇත්තේ තමන් වහන්සේලාට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍යතාවයක් නොමැති බවය.

මහ නා හිමිවරුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ ජනාධිපති සිරිසේන නැවතත් කොළඹ බලා පිටත් වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී.

One thought on “අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරු සිරිසේනව මුණගැසීමට බෑ කියයි

  • November 11, 2018 at 4:31 am
    Permalink

    මල්වතු හාමුදුරුවෝ කට අරින්නේ රනිල් වෙනුවෙන් විතරයි නේ.. අඩුම තරමේ අනෙක් භික්ෂූන් වහන්සේ ලාට, බුද්ධ ශාසනයට වෙන හානි ගැනවත් හැගීමක් නැති එතුමා මොකෝ දන්නේ නැහැ මෛත්‍රී ජනාධිපති හමුවෙන්න අකමැති වුනේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *