හොර අගමැති සහ හොර කැබිනෙට්ටුව අහෝසියි

ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කරන ලද හොර අගමැති සහ හොර කැබිනට් මණ්ඩලය අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (14) පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජණාව බහුතර චන්දයෙන් සම්මත වීමත් සමඟම හොර අගමැති මහින්ද රාජපක්ෂ සහ හොර කැබිනට් මණ්ඩලය අහෝසි වී ඇත.

අදාල යෝජණාව පාර්ලිමේන්තු මහ ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අනුර කුමාර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, නිහාල් ගලප්පත්ති සහ බිමල් රත්නායක යන ජනතා විමුක්ති පේරමුණේ මන්ත්‍රීවරු හය දෙනාගේ අත්සනින් යුතුවය.

මෙම යෝජණාවේ පළමුවන කරුණ වූයේ, ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 2094/43 ,2094/43  A ,  2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්,නීතිය ඉදිරියේ ශූන්‍ය සන බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්ය.

එම යෝජණාවේ දෙවැනි කරුණ වූයේ , පළමුවන කරුණේ සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර් 26 වැනිද හෝ ඉන් පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය.

මෙම යෝජණාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඊට විරුද්ධව කිසිවෙකු ඡන්දය දීමක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කොට නොමැත.

මෙම යෝජණාවට පක්ෂව බහුතර මන්ත්‍රීවරු කැමැත්ත පළ කොට ඇත.

මේ අනුව ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමණ්ත්‍රණය පරාජය කොට ඔහු විසින් පත් කළ හොර අගමැති සහ හොර කැබිනට්  මණ්ඩලය අහෝසි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *