සිරා – මරා ඒකාධිපති වියරුව පැරදවිය හැක්කේ වීදි සටනින් පමණයි – මුජිබර් රහුමාන්

ජනාධිපති සිරිසේන, තමන් විසින් ඇති කළ දේශපාලන අර්බුදය ව්‍යවස්ථාදායකය තුළින්වත් විසඳා ගැනීමට ඉඩ නොදී, රාජපක්ෂ ජුන්ටාව යොදා ගෙන ඒකාධිපති වියරුවෙන් ව්‍යවස්ථාදායකයට දිගින් දිගටම බාධා කරන්නේ නම්,  ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි වලට කැඳවා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්‍යාලය වටලා ඒකාධිපති වියරුව පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ යුතු  යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
 
ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී ලෙස පත් කළ හොර අගමැතිට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බවට විශ්වාසභංගයක් මගින් තුන් වරක් ඔප්පු කළ ද , එය පිළි නොගෙන සිරිසේන ජනාධිපති හොර අගමැති බලහත්කාරයෙන් තබාගෙන සිටින්නේ පාර්ලිමේන්තුව තුළ බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් බවද මුජිබර් මන්ත්‍රීවරයා තවදුරටත්  කියා සිටී.
 
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගසමින් ,පාර්ලිමේන්තුව ස්වාධීන ගෙනයාමට ඉඩ නොදී, දිනෙන් දින පාර්ලිමේන්තු කටයුතු කඩාකප්පල් කිරීමට ජනාධිපති සිරිසේන ක්‍රියා කරමින් සිටින විට , එම ඒකාධිපති වියරුව පරාජය කළ හැක්කේ ව්‍යවස්ථාදායකය තුළින් නොව ලක්ෂ ගණන් ජනතාව වීදිවලට කැඳවා දීර්ඝ හා අඛණ්ඩ සටනකින් පමණක් බව දැන්වත් අප අවබෝධ කරගත යුතු බව තමාගේ විශ්වාසය යැයි මුජිබර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *