සජිත් අගමැති කරන පුළුල් සංධානය කල එළි බසී

අත්තනෝමතික ව්‍යවස්ථා විරෝධී ක්‍රියා පිළිවෙතක් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස අනතුරට පත් කර , ඒකාධිපති ගමනකට අවතීර්ණය වී සිටින ජනාධිපති සිරිසේනට එරෙහිව , දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන එකට එක්වූ පුළුල් සංධානයක් ගොඩ නඟා එම සංධානය රට හමුවේ ප්‍රකාශයට පත් කිරීම ලබන් 14 වැනිදා සිදු කිරීමට නියමිත ය.

එළැඹෙන ඕනෑම මොහොතක පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයකදී, මෙම පුළුල් සංධානය තමන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව ය.

මෙම සංධානයට අයත් සියලුම දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන මෙම තීරණයට එකඟත්වය ප්‍රකාශ කොට ඇතැයි එම සංධානයේ ප්‍රමුඛතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු ” ලංකා ස්කයි ” වෙත පැවසීය.

දේශපාලන ඉතිහාසයේ කිසි දිනක ගොඩ නොනැඟුණු තරමේ ශක්තිමත් හා පුළුල් එකමුතුවක් ලෙස බිහිවෙන මෙම සංධානය, නියත ලෙසම තුනෙන් දෙකක බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කරන බවට වූ දැඩි විශ්වාසයක් තමන් තුළ පවතින බව දෙමළ සංධානයට හා මුස්ලිම් කොංග්‍රසයට අයත් දේශපාලනඥයන් දෙදෙනකු “ලංකා ස්කයි ” වෙත පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *