ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙනතුරු මැතිවරණ නෑ – මහින්ද දේශප්‍රිය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව නීති විරෝධීව සිදු කොට ඇති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ නොහැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු කාලය වසර හතර හමාරක් ඉකුත් වූ පසුවය.

වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නොමැති හෙයින් තම කොමිෂමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටී.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ගැසට් පත්‍රයට අනුව 2019 ජනවාරි 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත්, 2018 නොවැම්බර් 19 සිට 26 දක්වා නාමයෝජනා භාර ගැනීමටත් දින නියමකර ඇතත්, තමන්ට ඊට අනුව ක්‍රියා කළ නොහැකි බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනිව සිදු කර ඇති නිසා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස තමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවත්, තමන් කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

3 thoughts on “ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙනතුරු මැතිවරණ නෑ – මහින්ද දේශප්‍රිය

  • November 10, 2018 at 9:14 am
    Permalink

    එතකොට අර ප්‍රවෘත්ති සාකච්චාවේදී රාජිත කිව්වෙ දැන් මැතිවරණ කොමසාරිස් ඡංදය තියන්න ලැහැස්ති වෙනව කියල. ඒක නිසා මේ වෙලාවෙදි ජනතාවට බොරු වපුරන්න දෙන්න එපා.

    Reply
  • November 10, 2018 at 12:11 pm
    Permalink

    පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවා ගැසට් නිවේදනයක් නිකුත් කල පසු මැතිවරණ කොමිසමට ඇත්තේ මැතිවරණ පනත අනුව කටයුතු කිරීම මිස ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීම හෝ ව්‍යවස්ථා අර්ථ නිරූපන ඉල්ලා සිටීම නොවන බවත් මැතිවරණ පනතට අනුව කටයුතු කර මැතිවරණය පැවැත්වීම පමණත් බවත් මෙරට අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහලම ධුරයක් දැරු අයෙක් අප වෙත පැවසීය.

    Reply
  • November 10, 2018 at 12:30 pm
    Permalink

    He may be threatened.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *