විශ්වාසභංගය ජය ගන්න සිරිසේන ජාතිවාදය අවුස්සයි

ලබන 04 වැනිදා පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත විශ්වාසභංග ඡන්ද විමසීමේදී විශ්වාසභංගය පරාජය කිරීම සඳහා දෙමළ ජාතික සංධානයේ සහාය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ සිදු කළ හොත් එමඟින් රටේ ජනතාව එය වැරදි ලෙස අර්ථ දැක්විය හැකි බවත් ජනාධිපති සිරිසේන පවසා තිබේ.

ඔහු මේ ප්‍රකාශය සිදු කොට ඇත්තේ ඔහු හා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් අතර ඊයේ (02) රාත්‍රියේ පැවැති හදිසි සාකච්ඡාවේ දීය.

ජනාධිපති සිරිසේනගේ මේ ජාතිවාදී ප්‍රකාශයෙන් පසුව ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර ඇමැතිවරයා පවසා ඇත්තේ , 2015 ජනාධිපතිවරණයේ දී ඔබතුමාද ජයග්‍රහණය කරනු ලැබුවේ දෙමළ ජාතික සංධානයේ සහයෝඅගය ඇතිව බව අමතක නොකරන ලෙසය.

මංගල සමරවීර ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව ජනාධිපති සිරිසේන නිහඬ වී ඇති අතර, අදාල සාකච්ඡා විසඳුමකිල් තොරව අවසන් වී තිබේ.

ජනාධිපති සිරිසේනගේ ද පූර්ණ ආශිර්වාදය ඇතිව ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ජයග්‍රහණය කරනු ඇති බවට ජනාධිපති සිරිසේන ද විශාල බලාපොරොත්තුවකින් පසු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්යේ සිටින ප්‍රබල ඇමැතිවරු ඇතුළු විශාල ප්‍රමාණයක් මෙම ව්ශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දීමට සූදානමින් සිටින තත්ත්වයක් තුළ මෙම විශ්වාසභංගය ස්ථීර ලෙසම පරාජයට පත්වීම වැලැක්විය නොහැකි බව අවබෝධ කරගෙන සිටින ජනාධිපති සිරිසේන , ජාතිවාදී මානසිකත්වයක් රට තුළ ඇති කරමින් , දෙමළ ජාතික සංධානය බියට පත් කරමින් විශ්වාසභංගය පරාජයවීම වලක්වා ගැනීමට අශික්කිත උත්සාහයක යෙදෙමින් සිටින බව මෙයින් මැනවින් පෙනී යන්නේ යැයි එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරයෙකු ” ලංකා ස්කයි ” වෙත පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *