රවීට යළිත් කැබිනට් අමාත්‍යධූරයක්

හිටපු මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්ද්‍රේශ් කරුණානයක නොහොත් රවී කරුණානායක මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමට තීරණයක් ගෙන ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්  ” ලංකා ස්කයි ” වෙත වාර්තා වේ.

මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා පැවැත්වුනු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද යම් සඳහන් කිරීමක් සිදු කළ බව එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

අදාල දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර , ඊට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රංජිත් මද්දුම බණඩාර, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය රුවන් විජයවර්ධන, අමාත්‍ය ජේ. සී. අලවතුවල සහ අමාත්‍ය අජිත් පී පෙරේරා වැනි පිරිසක් මෙම දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.

රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.

මේ අනුව ,වරලත් ගණකාධිකාරී උපාධිධාරියෙකු ද  වන එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් ප්‍රබල කැබිනට් අමාත්‍යධූරයක් ස්ථිර වශයෙන්ම හිමිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *