රට පැන ගිය හමුදා ලොක්කා බේරා ගන්න ජනපතිගෙන් හදිසි කැබිනට් රැස්වීමක්

ජනාධිපතිවරයා විසින් කැඳවූ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙමින් තිබෙන බවත්, මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා ඇත්තේ මේ වන විට රටින් පැන ගොස් සිටින ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන අත් අඩංගුවට ගැනීම වලක්වා ගැනීමේ අරමුණින් බවත්, විශ්වාසදායක කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග ” ලංකා ස්කයි ” වෙත වාර්තා කරයි.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය 29 වැනිදා නිකුත් කළ නියෝගයට අනුව අත් අඩංගුවට ගැනීම නියමිතව සිටින ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන අත් අඩංගුවට ගැනීම වලක්වා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට බලපෑම් සිදු කරමින් සිටින බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

පුද්ගලයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ” නේවි සම්පත්” නමැති අයට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ දක්වනු ලැබූ කරුණු අනුව මාණ්ඩලික ප්‍රධානී වහාම අත් අඩංගුවට ගත යුතු බව අධිකරණය විසින් නියෝග කරනු ලැබුණි.

අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර තිබුණු අවස්ථාවක අධිකරණය මඟ හරිමින් , කටුනායක ගුවන් තොටුපලේ විශේෂ පුද්ගලයන් ගමන් ගන්නා පර්යන්තය ඔස්සේ ගමන් කොට කටාර් එයාවේස් ගුවන් යානයකින් මාණ්ඩලඉක ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවරධණ මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 10 දා උදෑසන 3.33 ටය.

අධිකරණය විසින් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, වහාම අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක , ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන්ට නියෝග කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

සතිපතා පැවැත් වෙන කැබිනට් මණ්ඩල රැස්වීම සෑම බදාදා දිනයකදීම රැස්වන අතර , ඒ අනුව එම රැස්වීම් ඊයේ පවත්වනු ලැබිණි. ජනාධිපතිවරයා මෙම හදිසි රැස්වීම අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් බැහැරව සිටින මොහොතක පැවැත්වීමට තීරණය කර තිබීමම සැකය උපදින කරුණක් බව එ. ජා. ප. බහුතරයකගේ අදහසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *