මහින්ද බේරගන්න සිරිසේන එකඟ වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය ලබා දී ඇති ඩොලර් මිලියන 7.6 ක අති විශාල පගා මුදල සම්බන්ධව පසුගිය ජූනි 26 වැනි දින ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සාක්ෂි සහිතව සිදු කළ හෙළිදරව්වේ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා, පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙසට ජනාධිපති සිරිසේන වෙත කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් නොතකා හරිමින් සිටින බව ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධ තොරතුරු වලින් අනාවරණය වේ.
 
පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ඉතා ප්‍රබලව මතුවෙමින් තිබෙන මෙම ජනාධිපති කොමිෂම පත් කිරීමේ ඉල්ලීමට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් සිදු නොකිරීමට හේතුවී ඇත්තේ, මේ වන විට ජනාධිපති සිරිසේන හා රාජපක්ෂවරුන් අතර ඇති කර ගෙන සිටින එකඟ තාවය නිසා යැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු බහුතරයකගේ අදහස වී ඇත්තේ,  මෙම චීන පගාව පිළිබඳව ආණ්ඩුව මැදිහත්වී වහාම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවය.
 
චයිනා හාබර් කොම්පැණිය මහින්ද රාජපක්ෂට ලබා දී ඇති  ඩොලර් මිලියන 7.6 ක පගාවට අයත් චෙක්පත් නිකුත් කොට ඇත්තේ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුව විසිනි. නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත සාක්ෂි සහිතව හෙළිකළ මෙම මුදල් ලබාදීම පිළිබඳව, මුදල් ලබා දුන් චයිනා හාබර් ඉංජිනියර් සමාගම හෝ ඊට අදාල චෙක්පත් නිකුත් කළ ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුව හෝ එම මුදල තමන් විසින් නිකුත් නොකළ බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කට නැත.
 
ඩොලර් බිලියන 7.6 ක මුදලක් තමාට නොලැබුණ බව රැස්වීම් ගානේ කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ පමණය. නිව්යොර්ක් ටයිම්ස් පුවත් පතේ හෙළිදරව්ව මගින් අනාවරණය වූ චයිනා හාබර් සමාගමෙන් ඩොලර් 38,000 ක් ලබා ගත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, තමන්ට එම මුදල නන්නාදුනන චීනෙකු විසින් ගෙනත් ගෙනත් දුන් බව මේ වන විට පිළිගෙන තිබේ.
 මේ අතර, කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චයිනා හාබර් සමාගමට අයත් චීන සමාගමක් වූ CICT සමාගමෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂ දස දහසක  මුදලක්  HSBC බැංකුවේ චෙක්පතකින් 2012  මැයි මස 21 වැනි දින ගෙවා ඇති බවද මේ වනවිට හෙළිදරව් වී  ඇත.  CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා ති බෙන්නේ පරිත්‍යාගයක් ලෙස බවට පෙන්නුම් කළ ද ආයතන ගිණුම් පරීක්ෂා කිරීමේ දී හෙළිවී ඇත්තේ එම මුදල සටහන්වී ඇත්තේ වරාය සංවර්ධනය කිරීම සඳහා දරන ලද වියදමක් ලෙසටය.
 
ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව දරුණු ලෙස අපකීර්තියට ලක් කර  ඇති  මෙම ” සුපිරි පගා ” පිළිබඳව පැහැදිලි සාක්ෂි සාධක තිබියදීත්, ඒ පිළිබඳව විමර්ෂණය කිරීමට පුළුල් බලතල සහිත ජනාධිපති කොමිෂමක් පත්නොකිරීමට ක්‍රියා කිරීමෙන් ජනාධිපතිවරයාගේ  ” තක්කඩි දූෂණ විරෝධය ” මනා ලෙස හෙළිදරව් වෙමින් පවතින බව සැබෑ දූෂණ විරෝධීන් පෙන්වා දෙති.
 
මහ බැංකු බැඳුම්කරය වෙනුවෙන් කඩිමුඩියේ ජනාධිපති කොමිෂම් පතකර, එහි පරීක්ෂණ කඩිනම් කොට ඒවායේ කරුණු දේශපාලනිකව යොදා ගනිමින් කැත නින්දිත දේශපාලනයක නියැළුණු ජනාධිපති සිරිසේන, ලෝක ප්‍රසිද්ධ වී ඇති රාජපක්ෂගේ දූෂණය සෙවීමට කොමිෂම් පත් කිරීමෙන් වැලකී සිටී.
 
ජනාධිපති සිරිසේනගේ මෙම රාජපක්ෂ ගැති ද්‍රෝහී පිළිවෙතට එරෙහිව වෙනත් විකල්ප මාර්ගයක් තෝරා ගෙන , රටත් ජනතාවත් චීනාට විකුණා රාජපක්ෂ ලබා ගත් පගාවට අයත් සියලු මුදල් රටේ ජනතාවට නැවත ලබා ගැනීමට  හැකිවන නීත්‍යානුකූල පියවරක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන  හා සිවිල් සංවිධාන කඩිනමින් ක්‍රියා කළ යුතු බව මැදහත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *