බිළිඳුන් රට විකිණීමේ ජාවාරමේ ප්‍රධානියා වාසුදේව ගේ ලේකම්වරයෙක්

1980 දශකයේ ආරම්භ කර ඇති ශ්‍රී ලාංකික දරුවන් විදේශිකයන්ට විකිණීමේ ප්‍රධානතම පුද්ගලයෙකු ලෙස කටයුතු කොට ඇත්තේ, වාමාංශික නායකයෙකු හා පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධාන සම්බන්ධීකරණ ලේකම්වරයා වන ඩබ්ලිව්. විලේගොඩ යන පුද්ගලයා බව මේ වන විට අනාවරණය වී තිබේ.

දරුවන් විදේශිකයන්ට විකිණීමේ නීති විරෝධී ජාවාරම පිළිබඳ මෙම අනාවරණය සිදු කර ඇත්තේ සෙම්බ්ලා නෙදර්ලන්ත රූපවාහිනිය මගිනි.

ජේ. ආර්. පාලන සමය තුළ සිදු කරනු ලැබූ මෙම බිළිඳු ජාවාරම පිටුපස එවකට පැවැති රජයේ ඉහළ බලවතුන් සිටි බවට චෝදනා එල්ල වී තිබුණ ද,  එම ආණ්ඩුවට දැඩි ලෙස විරෝධය දැක් වූ වාසුදේව නානායක්කාර මංත්‍රීවරයාගේ ලේකම් වරයෙකු මෙම ජාවාරමේ ප්‍රධාන පුද්ගලයෙකුව සිටි බවට සාක්ෂි සහිතව අනාවරණය වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

571539f4c46188aa618b45d2

නෙදර්ලන්ත රූපවාහිණිය විකාශනය කළ අදාල වාර්ථාමය වැඩසටහන තුළ, වාසුදේව නානායක්කාර මහතාගේ ලේකම්වරයා වන ඩබ්ලිව්. විලේගොඩ නැමැත්තා විසින් විදේශිකයන්ට දරුවන් විකිණීමේ දී තමන් විසින් ඉටු කළ සේවාව ඔහු විසින්ම පැහැදිලි කරන ආකාරය ඇතුලත් කොට තිබේ.

විලේගොඩ නැමැත්තා විසින් විදේශිකයෙකුට විකිණූ ශ්‍රී ලාංකික ගැහැණු දරුවෙකු, නෙදර්ලන්ත රූපවාහිණී මාධ්‍යවේදියකු සමඟ පැමිණ  , විලේගොඩ නැමැත්තාගෙන් තම පියා ගැන තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලන අවස්ථාවේදී ඇයගේ පියා රත්නපුර ප්‍රදේශයේ බව කියන නමුත් ඇයට සිය පියා මුණ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන අයුරුත්, එවිට එම ගැහැණු දරුවා විලේගොඩ නමැත්තාට ‘ බොරුකාරයා ‘ යනුවෙන් තදින් බැන වදින අයුරුත් එම වාර්ථාමය වැඩ සටහනට ඇතුලත් කොට තිබේ.

රත්නපුරයේ ජීවත්වෙන සිය පියා කවුදැයි තමාට දැන ගැනීම ට ඇති අයිතිය  අහිමි වූ යුවතිය හඬා වැලපෙමින් ආපසු හැරී යන අයුරු ඉතා හැඟීම් බරව එම වාර්ථා වැඩසටහනේ ඇතුලත් කොට තිබේ.

මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය පිළිබඳව ඉහළින් පෙනී සිටින වාමාංශික නායකයෙකු හා පාර්ළිමේන්තු මංත්‍රී වරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා, දීර්ඝ කාලයක් පුරා තමන්ගේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කරන විලේගොඩ නමැත්තාගේ මෙම බිළිඳු ජාවාරම පිළිබඳව නොදැන සිටීම කිසි සේත්ම විය නොහැකි කරුණක් යැයි සැබෑ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන්ගේ මතය වී තිබේ.

බිළිඳුන් 11,000 කට අධික පිරිසක් යුරෝපා රට වලට විකිණීමේ මෙම කූට ජාවාරමේ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති විලේගොඩ නමැත්තා, මේ සඳහා දරුවන් විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ වතු කම්කරුවන්ගෙන් සහ සිංහල දිළිඳු පවුල් වලින් බවද වාර්ථා වේ.

නෙදර්ලන්ත රූපවාහිණිය විකාශනය කරන ලද මෙම වාර්ථාමය වැඩ සටහන ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම විලේගොඩ නැමැතා විසින් මෙම ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිළදී ගත් දේපල පිළිබඳව තොරතුරු මෙන්ම, මෙම ජාවාරමට රැකවරණය හා උදව් උපකාර කළ බලවත් සිවිල් චරිත පිළිබඳව ද බොහෝ තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි වාර්ථා වේ.

මෙම නීති විරෝධී බිළිඳු ජාවාරමට හා එම දරුවන්ගේ මානව හිමිකම් කඩ කිරීම ට එරෙහිව මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට දේශීය මෙන්ම විදේශීය මානව හිමිකම් සංවිධාන මෙන්ම විවිධ ආයතන හා පුද්ගලයන්ද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවද දැනගන්නට තිබේ.

මේ පිළිබඳව වත්මන් යහපාලන රජය අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතු බවට රජයේ ප්‍රබලයන් විසින් මේ වනවිටත් අදහස් ඉදිරිපත් කොට ඇතැයි වාර්ථා වේ.

මෙම ජාවාරම පිටුපස සිටි අනෙකුත් පුද්ගලයන් පිළිබඳව අප වෙත ලැබෙන තොරතු සියල්ල ඉදිරියේ දී එළිදැක්වීමට අපි බලා පොරොත්තු වෙමු.

නෙදර්ලන්ත රූපවාහිණිය විසින් විකාශනය කල අදාල වාර්ථාමය වැඩසටහන පහත දක්වා ඇති මෙම https://zembla.bnnvara.nl/nieuws/adoptiebedrog-deel-2  පිවිසුමෙන් ගොස් ඔබට නැරඹිය හැක. වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන විලේගොඩ නමැත්තා , උපැස් යුවලක් පැලැඳි  සිහින් සිරුරක් සහිත තරමක් උස පුද්ගලයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *