රාජපක්ෂගේ පොහොට්ටුවේ කාමාතුරයාට, බ්‍රිතාන්‍ය පොලීසියෙන් වරෙන්තුවක්

හතර වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා, පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වී සිටින , මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ මැරයෙකු වන සනත් නිශාන්ත නමැති කාමාතුරයාව දුටු තැන අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලීසිය සුදානමින් සිටී.

සනත් නිශාන්ත නමැති මෙම කාමාතුරයාව බ්‍රිතාන්‍ය පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ, බ්‍රිතාන්‍යයේ වෙසෙන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික තරුණියකට මරණ තර්ජණය කිරීමේ චෝදනාව මතය.

තමාව සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තම පියාව මරා දමන බවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින් තමාට නිතර නිතර තරජණය කරන බව ඇය විසින් සාක්ෂි සහිතව බ්‍රිතාන්‍ය පොලිසියට කරුණු ඉදිරිපත් කොට තිබේ.

මේ තත්ත්වය යටතේ ඇයගේ සහ ඇයගේ පියාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඇය විසින් බ්‍රිතාන්‍ය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කොට තිබේ.

මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ මැරයකු ලෙස කටයුතු කරන මෙම මන්ත්‍රීවරයා , බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සහිත  ශ්‍රී ලාංකික තරුණියව සහ ඇයගේ පියාව මරා දමන බවට තර්ජනය කර ඇත්තේ, තමන්ට ආදරය කරන ලෙස අදාල තරුණියට කරන ලද බලපෑමට එම තරුණිය එකඟත්වය පළ නොකිරීම නිසාය.

මෙම කාමාතුර මන්ත්‍රීවරයා, බ්‍රිතාන්‍යයේ වෙසෙන අදාල තරුණියට නිරන්තරයෙන් දුරක්ථනය ඔස්සේ මරණ තරජන සිදු කොට ඇති අතර, ඇතැම් අවස්ථාවලදී ඔහු තම නිරුවත් සිරුරේ ඡායාරූප ගෙන ඒවාද මෙම තරුණියට යවා ඇත.

යහපාලන රජයට එරෙහිව බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ විසින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම වෙනුවෙන් සූදානම් කළ රැස්වීම් වලට සනත් නිශාන්ත නමැති මෙම කාමාතුර මන්ත්‍රීවරයා සහභාගී ඇත. අදාල තරුණියව මෙම කාමාතුරයා දැන හඳුනාගෙන ඇත්තේ එවන් අවස්ථාවකදීය.

පොහොට්ටුව බිහිවීමත් සමඟම බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැස්වීම් සංවිධානය කර , ඊට ශ්‍රී ලංකාවෙන් පිරිස් සහභාගි කරන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ඩලස් අලහ්ප්පෙරුම, නාමල් රාජප්ක්ෂ , උදය ගම්මන්පිල සහ මෙම කාමාතුර සනත් නිශාන්ත ද සහභාගී ඇත.

රැස්වීමට දින තුනකට පෙර බ්‍රිතාන්‍යයට පැමිණ ඇති මෙම මන්ත්‍රීවරයා, පසුව මුදල් ලබා දෙන පවසමින් තවත් දින කිහිපයක අදාල හෝටලයයේම රැදී සිට ඇති අතර ඒ වෙනුවෙන් ගෙවීම් සිදු කොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු එක්වය. දින කීපය ගත කළ මෙම මන්ත්‍රීවරයා අදාල මුදල් කිසිවක් නොගෙවා හොර රහසේම ශ්‍රී ලංකාවට ගොස් ඇත.

මෙම කාමාතුර මන්ත්‍රීවරයාගෙන් අදාල තරුණියට එල්ළ වන තර්ජන පිළිබඳව ඇයගේ සමීපතමයන් විසින් කාමාතුරයාගේ නායකයාවන මහින්ද රාජපක්ෂට දන්වා ඇතත්, ඔහු විසින් මෙම කාමාතුරයාට එරෙහිව කිසිදු පියවරක්  ගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාධරයෙකු පැවසුවේ, මහින්ද රාජපක්ෂ සනත් නිශාන්තට එරෙහිව කිසිදු පියවරක් නොගන්නේ , සනත් නිශාන්තගේ අක්කා සමඟ මහින්ද රාජපක්ෂ අනියම් සබඳතාවයක් පවතවාගෙන ගොස් ඇති නිසා බවය.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ වෙසෙන පොහොට්ටුවේ පිරිස් විසින් මෙම කාමාතුරයාගේ තර්ජනය පිළිබඳව, බැසිල් රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ද දන්වා තිබේ. එහෙත් ඔවුන්ගෙන්ද කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැත.

මේ තත්ත්වය යටතේ ලබන 09 වැනිදා බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ” එළිය ” නමැති ගෝඨා එසැවීමේ ව්‍යාපෘතියට අදාල රැස්වීම නො පැවැත්වීමටත්, ඒ සඳහා කිසිදු මුදල් ආධාරයක් ලබා නොදීමටත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මේ වන විට තීරණය කොට තිබේ.

කාමාතුර සනත් නිශාන්තගේ තර්ජනය පිලිබඳව, නාමල් රාජපක්ෂට ද දැන්වූ නමුත් ඔහුද මෙම තර්ජනය නතර කිරීමට කිසිදු පියවරක් ගෙන නැත්තේ, බ්‍රිතාන්‍යට පැමිණි අවස්ථාවේ නාමල් රාජපක්ෂ නියොමාල්ගේ දියණිය සමඟ ලංඩනය පුරා රවුම් ගසා ඇත්තේ සනත් නිශාන්තත් සමඟ නිසා යැයි එම පිරිස් පවසති.

මෙම කාමාතුර මන්ත්‍රීවරයා , අදාල තරුණියට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා දී , අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිනවාට අමතරව තමන් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර නො ගතහොත් ඇයට ඇසිට් ගසන බවත්, ඇයගේ පියාව බල්ලකු ලෙස මහ පාරේදී වෙඩි තබා මරා දමන බවටත් තර්ජනය කර ඇත.

කඩිනමින් තමා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර නො ගතහොත්, තමන් හිසට වෙඩි තබාගෙන මැරෙන බවත් පවසා ඇති මෙම මොංගල් මන්ත්‍රීවරයා, තමන් එසේ මැරෙන හැටි දැක්වෙන ඡායාරූප රැගෙන එම ඡායාරූප අදාල තරුණියට යවා තිබේ.

මෙම ඡායාරූපයට අමතරව, විහින් මැරීම සඳහා අධික වේගයෙන් වාහනය පදවාගෙන යන අයුරුත්, තමන්ගේ නිරුවත් ශරීරයත් දැක්වෙන ඡායාරූපත් අදාල තරුණිය වෙත යවා තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි මෙම ශ්‍රී ලාංකික තරුණිය බ්‍රිතාන්‍ය පොලීසියට කරන ලද පැමිණිල්ලට අවශ්‍ය සාක්ෂි ලෙස මෙම සියළු ඡායාරූප ඉදිරිපත් කොට තිබේ. එම ඡායාරූප දුටු බ්‍රිතාන්‍ය පොලීසිය අදාල තරුණියගෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට මෙවැනි මානසික ආබාධ සහිත පිරිස් මන්ත්‍රීවරුන් ලෙස පත්වන්නේ කේසේද ? යන්නය.

බලහත්කාරයෙන් ප්‍රේමය ලබා ගැනීමට උත්සාහ කිරීමට අමතරව මෙම මොන්ගල් මන්ත්‍රීවරයා අදාල තරුණියගෙන් කප්පන් ලෙස මුදල් ලබා ගැනීමට ද උත්සාහ කර තිබේ. තමාට මුදල් අවශ්‍ය බවත්, එනිසා වහාම අදාල ගිණුමට මුදල් බැර කරන ලෙසටත් තර්ජනය කොට ඔහුගේ පාර්ලිමේන්තු ගිණුමේ අංකය අදාල තරුණිය වෙත එවා තිබේ.

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මෙම කාමාතුරයා එම දිස්ත්‍රික්කයේ ජනතාවටද බෙහෙවින් හිරිහැර කර ඇති බවට තොරතුරු මේ වන විට හෙළිවෙමින් පවතින බවද බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

ප්‍රදේශයේ ඉඩම් වලට හොර ඔප්පු සාදා විකිණීමේ ව්‍යාපාරයක් සිදු කර ඇති මෙම මන්ත්‍රීවරයා, රිදීවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් ණයට ගෙන එම මුදල නැවත ඉල්ලූ විට එම පුද්ගලයාගේ දියණියට අනිසි බලපෑම් කොට බියවද්දා මුදල් දීම පැහැර හැර ඇත.

මේ වන විට මෙම කාමාතුර මන්ත්‍රීවරයාට එරෙහිව හලාවත අධිකරණයේ අංක 6369/18 යටතේ නඩුවක් පවරා තිබේ. මුදල් වංචා කිරීම, අගරු චෙක්පත්න් ලබා දීම හා මරණ තර්ජනය කිරීම මෙම මන්ත්‍රීවරයාට ඇති චෝදනාය.

ජනාධිපති සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් 62 ලක්ෂයක ජනතාවගේ අභිලාෂයන් අමු අමුවේ පාවා දී දූෂිත මිණීමරු රාජපක්ෂ පාලනයකට රට භාරදීමට සැරසෙන මේ මොහොතේත්, එකී දූෂිත, මිණීමරු රාජපක්ෂලාගේ මැරවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට පහරදීමට පැමිණි මැරයන් අතර මෙම කාමාතුර මැරයා ද සිටි බව මුළු ලොවටම පෙනුණි.

සනත් නිශාන්ත නමැති පොහොට්ටුවේ මන්ත්‍රී මැරයාට සහ කාමාතුරයාට එරෙහිව ඉතාමත් නුදුරේදී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පියවර ගනු ඇතත්, මෙවැනි මන්ත්‍රීවරුන් නිසා ශ්‍රීලාංකික ජනතාවට විදින්නට වන ලැජ්ජාව හා අවමානය අති දරුණුය.

මෙවැනි කාමාතුරයන් මන්ත්‍රීවරු ලෙස පත් කර යැවීම පිලිබඳව ශ්‍රී ලාංකිකයන් ලැජ්ජා විය යුතුය. මෙවැනි අමනයන් නිසා ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාවට විඳිනට වන අවමානය අවම කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව  තුළ මේ අමනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.

( කාමාතුරයා විසින් අදාල තරුණියට එවන ලද කෙටි පණිවුඩ සහ ඡායාරූප පහතින් පළවේ )

( බ්‍රිතාන්‍යයේ සිටින විශේෂ වාර්තාකරු )

 

One thought on “රාජපක්ෂගේ පොහොට්ටුවේ කාමාතුරයාට, බ්‍රිතාන්‍ය පොලීසියෙන් වරෙන්තුවක්

  • November 18, 2018 at 4:42 pm
    Permalink

    Mama me Hu…… putha gena dannawa. Meka badu karayek

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *