පාර්ලිමේන්තුව තුළ මැර ප්‍රහාරයකට සූදානමක්

ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පිලිබඳව කිපී සිටින ජනාධිපති සිරිසේන, තමන් විසින් පත් කළ හොර අගමැති සමඟ එක්වී අද (14) දින පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය සැලසුමක් ඊයේ (13) රාත්‍රියේ දී සකස් කළ බව පැජට් පාරේ ජනාධිපති නිළ නිවසේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මීට දින දෙකකට පෙර ජාතිය ඇමතූ සිරිසේන්න, තමා පාර්ලිමේන්තුව විසුරවනු ලැබු එක් කාරණයක් ලෙස සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ ජීවිත අහිමිවන තරමේ ගැටුමක් ඇතිවන බවට තමාට තොරතුරු ලැබුණු නිසා බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අද (14) දිනට කැඳවීය යුතු බවට සිරිසේන විසින්ම නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා ඇති හෙයින් එය වැලැක්වීමට උප්පරවැට්ටියක් සොයා ගැනීමට සිරිසේනට හැකිවී නැත.

පාර්ලිමේන්තුව රැස්වූ විට සිරිසේන විසින් පත් කළ හොර අගමැති එළවා දමා, පසුගිය 26 වැනිදාට පෙර සිටි අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ නැවතත් බහුතර කැමැත්ත පෙන්වා එම තනතුරට පත්වීම ස්ථීර බව සිරිසේන සහ මහින්ද යන දෙදෙනාම හොඳින් දැන සිටිති.

මෙම ක්‍රියාදාමය සිදුවීම වැලැක්වීම සඳහා අදාල අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ ගාලගෝට්ටියක් ඇති කොට සිරිසේනගේ හා මහින්දගේ මන්ත්‍රී මැරයන් සභා ගර්භයට පමුණවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට බරපතල තුවාල සිදුවන අන්දමේ ගැටුමක් ඇති කොට පාර්ලිමේන්තුව නැවතත් කල් දමා ගැනීම මෙම සැලසුමේ ඉලක්කය බව අදාල ආරංචි මාර්හ තව දුරටත් කියා සිටී.

සිරිසේනගේ සහ මහින්දගේ මෙම සැලැස්ම පිළිබඳව සියලු තොරතුරු ඊයේ (13) රාත්‍රියේම රනිල් වික්‍රමසිංහ පාර්ශවයට ලැබී ඇති අතර, එකී සැලසුම ව්‍යර්ථ කොට පරාජය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කොට ඇතැයි අරලියගහ මැදුරට සම්බන්ධ  ආරංචි මාර්ග අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *