නමින් ඡන්දය විමසන්න ගිය කථානායකට,  රාජපක්ෂ වහල්ලුන්ගෙන් ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් අද (15) පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයට පාර්ලිමේන්තුව එකඟද නැද්ද යන්න පිළිබඳව නමින් ඡන්දය විමසීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා සූදානම් වූ අවස්ථාවේ , ඊට බියවූ හොර ආණ්ඩුවේ මන්ත්‍රීවරු කථානායකවරයාට විවිධ භාණ්ඩ වලින් දමා ගසමින් ඔහුගේ මේසය මත තිබූ ලියකියවිලි ඉරා දමමින් ඉතා අශීලාචාර , අසික්කිත ආකාරයට හැසිරිණු ආකාරය අද මුලු ලෝකයටම අනාවරණය විය.

ජනාධිපති සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ව්‍යවස්ථාවට පටහැනිව පත් කළ හොර අගමැති සහ ඊට පසුව කිහිප අවස්ථාවක පත් කළ ඇමැතිවරුන්ගෙන් සමන්විත හොර කැබිනෙට්ටුව ව්‍යවස්ථාදායකය පිළිනොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් විසින් ඊයේ (14) සම්මත කර පෙන්වා දී තිබුණි.

ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවූ කාරණා පිලිබඳව ජනාධිපති සිරිසේනට, කථානායකවරයා විසින් ලිඛිතව දන්වා සිටියත්, රාජපක්ෂලා සමඟ ගිවිසුම් ගසා සිටින සිරිසේන එම තත්ත්වය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බව කථානායකවරයාට දන්වා තිබිණි.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව කතානයකවරයා මහින්ද රාජපක්ෂට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දුන්නේ, තමා වත්මන් අගමැතිවරයා , කැබිනට් මණ්ඩලය, සභා නායකවරයා හා ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා යන කිසිවක් පිලිනොගන්නා බව පවසමින්ය.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දුන් විට , ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ, පාර්ලිමේන්තුව තුළ දෙපාර්ශවයක් අතර ගැටුමක් පවතින බැවින් මෙය පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර විසඳා ගත නොහැකි නිසා ලක්ෂ 250 ක් වන ජනතාවට මෙම ආරවුල විසඳා දෙන ලෙසට පැවසිය යුතු බවය.

පාර්ලිමේන්තුවට පරමාධිපත්‍ය බලයක් නැති බවත්, පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට බවත්, පැවසූ මහින්ද රාජපක්ෂ ජනතාවට තමන්ගේ කැමැත්ත අනුව ආණ්ඩුවක් පත් කර ගැනීමට සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීමට හැකිවන අයුරින් අවස්ථාව ලබා දෙන ලෙසය. තමන් ගෙන ආ මෙම යෝජණාවට පාර්ලිමේන්තුවේ 225 ම තමා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසද මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයෙන් අනතුරුව නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , මහින්දගේ යෝජණාව ගැන නමින් ඡන්ද විමසීමක් සිදු කරන ලෙස කථානායකවරයා ගෙන් ඉල්ලිමක් කළ අතර, කථානායකවරයා මහින්දගේ යෝජණාවට නමින් ඡන්දය විමසීමට සඥා කරන සීනුව නාද කිරීමට සුදානම් විය.

ඡන්දය විමසීමට සැරසෙත්ම කෝපාවිශ්ඨ වූ මහින්දවාදී මන්ත්‍රී මැරයෝ කථානායකවරයා වෙත පැමිණ , ඔහුට තර්ජණය කරමින්ද, ඇතැම් බඩු භාණ්ඩ වලින් කථානායකවරයාට ප්‍රහාර එල්ළ කරමින් හා කථානායකවරයාගේ මේසය මත තිබූ ලියැවිලි ඉරා දමමින් දූෂිත හා මැරවරකම් වලට උරුමකම් කියන රාජපක්ෂ වහලුන්ගේ සාමාන්‍ය හැසිරීම ඉතා අශීලාචාර හා අශික්කිත අයුරින් මුළු ලෝකය හමුවේ  අද ප්‍රදර්ශනය කැරිණ.

මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගත් අතර, පසුව පැවැත් වූ පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව නැවතත් හෙට (16) පස්වරු 1.00 ට රැස් කිරීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *