ඩීල් සිරිසේන කුජීතයි ! මාපිල් ගෝඨා අනාථයි !

රාජපක්ෂගේ අන්තේවාසිකයෙකුව සිට රනිල් වික්‍රමසිංහගේ අනුකම්පාව මත පිං ජනාධිපති වූත්, කන්න දුන් අත සපා කමින් රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් එලවා දමා රාජපක්ෂලාට ජනතා ජයග්‍රහනය පාවාදීමට ගෙන ආ විශ්වාසභංගයේ පීතෘවරයා වූත් සිරිසේන දැනට මොහොතකට පෙර කූජීත විය.

අගමැතිවරයා එළවා දැමීමට රාජපක්ෂලා සමඟ එක්ව ගෙන ආ විශ්වාසභංගයෙන් අන්ත පරාජයක් ලැබූ සිරිසේනට, මේ වන විට සිදුවී ඇත්තේ පලංචිය උඩ තිබූ ලී කොටයේ ඇබය ගලවන්නට ගිය වඳුරාට සිදු වූ දේමය.

යහපාලන ආණ්ඩුව විනාශ කරන්නට රාජපක්ෂගේන් ඉල්ලාගත් සුසිල්, ලක්ෂ්මන් යාපා, දයාසිරි, ඩිලාන්, ටී. බී. , තිලංග ඇතුළු කල්ලිය නැවතත් රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයට ගාල් වූ විට සිරිසේනට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ්ය තුළ කිසිවෙකු ඉතිරි නොවන බව මේ වන විට පසක් වී තිබේ.

මන්ත්‍රීවරු 45 ක් සිටි පක්ෂයක නායකයාට අගමැතිකම ලබා දුන් බවට රටපුරා ඇවිදිමින් ඝෝරනාඩු කළ සිරිසේනට මේ මොහොතේ   සිට ගණු දෙනු කරන්නට වෙන්නේ පාර්ලිමේන්තුවේ අති බහුතරයකගේ කැමැත්තෙන් අගමැතිවී සිටින රනිල් වික්‍රමසිංහ සමඟිනි.

අගමැති රනිල් එළවා දමා , ගෝඨාභය ජනාධිපති කරවීමේ සිහිනයෙන් සිහි මුරුජ්ජා වී සිටි සිරිසේන මෙන්ම මාපිලාගේ ලකුණින් හෝ ජනාධිපති පදවියට පත්වීමට බලා සිටි ඝෝඨාභයද අද දින සිදු වූ පෙරළියෙන් අනාථභාවයට පත් වී ඇත.

විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබෙන විට ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි. 26 දෙනෙක් සභාවේ සිටියේ නැත. රාජපක්ෂලාගේ උවමනාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සිරිසේන විසින් යහපාලන ආණ්ඩුවේ ඇමැතිධූර ලබාදුන් වසලයන් හැරුණුවිට අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ව විශ්වාසභංගයට පක්ෂව යොදා ගැනීමට සිරිසේනට නොහැකි විය.

මේ අනුව සිරිසේනගේ තවත් දේශපාලන කුමණ්ත්‍රනයක් ව්‍යර්ථව ගියේය. එය ව්‍යර්ථව ගියේ ගුණමකු සිරිසේනගේ හෙළුව මුළු රටටත්, ලෝකයටත් නිරාවරණය කරමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *