” ජාතියේ පංචායුධයට ” සහ පියඹට, සුජාතා අක්කාගේ ආ…..ර….ක්….ෂා….වයි

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින පංචායුධය ලෙස තමන් විසින්ම හදුන්වා ගන්නා විමල් වීරවංශ, තමන්ට හා තම බිරිඳවන ශෂී වීරවංශට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩු වලින් බේරීම සඳහා යහපාලන ආණ්ඩුවේ කෙරුමන් සමඟ රහසිගතව සිදු කරන ” ඩීල් ” මේ වන විට ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් තිබේ.

විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ වරදකරුවන් වීමෙන් වලක්වා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී ලොක්කන් සහ ඔවුන්ගේ ඇඹේනියන් කොතරම් උනන්දුවෙන් රහසිගතව කටයුතු කරමින් සිටිනවා ද යන්න පිළිබඳව මේ වන විට ජනතාව හමුවේ අනාවරණය වී තිබේ.

ඕනෑම කුණු ගොඩකට අත දා , බොහෝ විට අනා ගන්නා රංජන් රාමනායක , මෙවර අත දමා ඇති කුණු ගොඩින් යහපාලන ප්‍රේමීන්ට තමන්ගේ නායකයින්ගේ සැබෑ හෙළුව දැක ගැනීමට ඉඩ සලස්වා ඇත.

රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ සට්ටැඹියන් සිදු කළ වංචා සහ දූෂණ ගැන වේදිකා දෙවනත් කරමින් බෙරිහන් දී, ඉන් නොනැවතී ඔවුන්ට ජම්පර් අන්දවන බවට මහජනයා ඉදිරියේ මහා කයිවාරු ගැසූ රාජිත සේනාරත්න, රංජන් රාමනායක මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බොහෝ දෙනකු ඒ ප්‍රකාශ සිදු කළේ යහපාලන ප්‍රේමීන් ” ඇන්ඳවීමට” බව රංජන් රාමනායක විසින්ම මේ වන විට ඔප්පු කොට හමාරය.

රංජන් රාමනායක සහ විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ සමඟ දුරකථනය ඔස්සේ සිදුවූ පහත සඳහන් සංවාදයට අනුව රංජන් රාමනායක, ශෂී වීරවංශට හා විමල් වීරවංශට එරෙහිව අධිකරණයේ පවතින නඩු හබ වලින් ඔවුන් බේරා ගැනීමට ” මෛත්‍රී ලොක්කා ” හමුවීමට ද ලැහැස්තිය.

ශෂී වීරවංශට අනුව ” රාජිත අයියා ” නොහොත් ඩොක්ටර් රාජිත සේනාරත්න ඇමැතිවරයාට ද අවශ්‍ය පණිවිඩය  මේ වනවිට ලබා දී ඇත. එපමණක්ද නොව රාජිත අයියාගේ වයිෆ්, සුජාතා අක්කා ද ශෂී වීරවංශට නිතර කතා කරයි.

සුජාතා අක්කා ශෂීට කිසි කරදරයක් වෙන්න නොදෙන බවට පොරොන්දුවක් ද ලබා දී තිබේ. සුජාතා අක්කා කියා ඇත්තේ වැඩේ තියෙන්නේ නීතිපති ලඟ නිසා එහෙම දෙයක් වෙන්න කිසිදු ඉඩක් නැති බවය.

රංජන් රාමනායක අයියා ද ශෂී නංගීට ගොඩාක් උදව් කර ඇති නිසා රංජන් අයියාට ගොඩාක් ස්තූති කරන්නටත් ශෂී නංගී අමතක කර නැත.

2015 ජනවාරි 08 මේ රටේ ජනතාව ලක්ෂ 62 ක් ජීවිතය පරදුවට තබා යහපාලනයක් බිහිකර ගත්තේ යහපාලකයන් ලවා හොරු , වංචා කාරයන් , දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා,  දූෂණයෙන් හා භීෂණයෙන් තොර රටක්, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ රටක් ඇති කර ගැනීමටය.

යහපාලකයෝ සහ දූෂිතයෝ එක යහනේ නිදිවදින විට, ලක්ෂ 62 ජනතාවට සිදුවී ඇත්තේ යතුරු හිලෙන් ඒ දිහා බලා සිටීමට පමණය.
පහතින් දැක්වෙන දුරකථන සංවාදය අසා , ජනාධිපති සිරිසේන ලඟ ඇති මඩු වලිගය ඉල්ලා ගෙන තමන්ටම තලා ගන්නා මෙන් යහ පාලන ප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිමු.

( හඬ පටය සහිත වීඩියෝව උපුටා ගැනීම News Tube )

 

 

විමල් වීරවංශගේ UNP ඩීල් එළියට..! හඩ පටය මෙන්න

විමල් වීරවංශගේ UNP ඩීල් එළියට..! හඩ පටය මෙන්න

Posted by ColomboXnews on Monday, July 9, 2018

Leave a Reply

Your email address will not be published. Required fields are marked *