අගමැතිකමට ” සිරා ” ගෙන් අලුත් නම් හතරක්, කෝපාවිෂ්ඨ වූ “මරා”ගෙන් “සිරා” ට තර්ජනයක්

ජනාධිපති සිරිසේනගේ උපදෙස් පරිදි ඊයේ (16) පාර්ලිමේන්තුවේදී නිවැරදි ලෙස දෙවැනි වරටත් සම්මත කරන ලද විශ්වාසභංගයට අනුව, සිරිසේන විසින් පත් කළ හොර අගමැති හා ඇමැති මණ්ඩලය අහෝසි වූ බව සිරිසේන විසින් පිලිගත් නිසා, කඩිනමින් නව අගමැතිවරයෙකු හා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට තමන් කටයුතු කරන බවට එ. ජා. ප. යේ වගකිවයුතු පුද්ගලයෙකුට සිරිසේන විසින් ඊයේ සවස දැනුම් දී තිබූ බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්නුව ද , තමා කිසිවිටකත් අග්‍රාමාත්‍යධූරයට රනිල් වික්‍රමසිංහව පත් නොකරන බව ජනාධිපති සිරිසේන විසින් අදාල වගකිවයුත්තාට දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහ වෙනුවට අග්‍රාමාත්‍යධූරය සඳහා සිරිසේන විසින් නම් හතරක් යෝජනා කොට ඇත. එම නම් හතරවන්නේ සජිත් ප්‍රේමදාස, කරූ ජයසූරිය, රංජිත් මද්දුමබණ්ඩාර සහ ජයවික්‍රම පෙරේරාය.

සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරිය මෙම යෝජණාවට ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ අනුව තෝරා ගැනීමට ඉතිරි ව තිබී ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාර සහ ජයවික්‍රම පෙරේරා යන දෙදෙනාගෙන් එක් අයෙකි.

ඊයේ (16) රාත්‍රිය වන විට එක්සත් ජාතික පෙරමුණේ සියළු දෙනාගේම පාහේ එකඟත්වය මත නව අගමැතිවරයා ලෙස ජයවික්‍රම පෙරේරාගේ නම ලබාදීමට සියලු කටයුතු සූදානම් කොට තිබුණු බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

කෙසේ වෙතත්, මේ සූදානම පිලිබඳව කණ වැකුණු ඊනියා අගමැති ලෙස ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ , ඉතා තදින් කෝපාවිෂ්ඨ වී ජනාධිපති සිරිසේනට, මැදමූලන භාෂාව වන තිත්ත කුණුහරුපයෙන් බැන වැදී තර්ජණය කිරීම හේතුවෙන් ජනාධිපති සිරිසේනගේ නව ආණ්ඩු පත් කිරීමේ අදහස සම්පූර්ණයෙන්ම හකුලා  ගැනීමට සිදු වී ඇත.

මේ අනුව ජනාධිපති සිරිසේන ඊයේ (16) රාත්‍රී 11.30 පමණ වන විට , එක්සත් ජාතික පෙරමුණේ රාජිත සේනාරත්න මහතාට දුරකථනයෙන් කතා කොට පවසා ඇත්තේ, දෙවන වරටත් පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇති බව පෙන්වීමට ගෙන ආ විශ්වාසභංගය තමා පිලිනොගන්නා බවය.

රාජිත සේනාරත්නට මේ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මහින්ද රාජපක්ෂගේ මැර මන්ත්‍රීවරු හමුවූ ජනාධිපති සිරිසේන, ඊයේ (16) ගෙන ආ විශ්වාසභංගය තමා පිලිනොගන්නා බවට පණිවුඩ යවා ඇති හෙයින් ඉදිරි දින දෙක තුන තුළ දී මහින්දගේ හා ශ්‍රී ල. නි. ප. යේ පිරිස් එකතු කොට , පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *