විදේශ විනිමය ඉපැයිමේ දෙවැනි තැන සංචාරක කර්මාන්තයට

ශ්‍රී ලංකාවට ව්දේශ විනිමය ලැබෙන දෙවැනි කර්මාන්තය බවට පත්වීමට, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මේ වනවිට හැකි වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා පවසයි.

සභාපති කාවන් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ, කොළඹ පිහිටි යුධ හමුදා විශ්‍රාමික සුභ සාධක සංගම් ශාලාවේදී පැවැති සංචාරක රියදුරන් පුහුණු කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

සංචාරක රියැදුරු  පුහුණු කිරීමේ මෙම වැඩ සටහන පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ජාතික සංචාරක රියැදුරු සංගමය විසිනි.

වැඩි දුරටත් උත්සව සභාව ඇමතූ සභාපති කාවන් රත්නායක මහතා කියා සිටියේ සංචාරක රියදුරන්  වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා අනුව රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩ සටහනක් ඉතාමත් නුදුරේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවය.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන දෙවැනි විශාලතම කර්මාන්තය වන සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාව තුළ තවත් ඉදිරියට ගෙන යමින් දියුණු කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ උපරිම සහාය ලබා දීමට තමා සෑම විටම සූදානමින් සිටින බව ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක, එම අධිකාරියේ උපදේශක යූ. බී. එස්. පතිරණ, සංචාරක පොලීසිය වෙනුවෙන් ප්‍රභාත් විදානගම සහ සංචාරක රියැදුරු සංගමයේ ලේකම් ඩොනල්ඩ් රාජපක්ෂ යන අය ද මෙම සභාව අමතනු ලැබූහ.

One thought on “විදේශ විනිමය ඉපැයිමේ දෙවැනි තැන සංචාරක කර්මාන්තයට

  • August 5, 2018 at 8:10 am
    Permalink

    MOST IMPORTANT TO INTRODUCE FULL COVER INSURANCE SYSTEM FOR TOURIST

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *