දස වසරකට පසුව පැරීසියට ” තනි තරුව ” පායයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීන සංගීතඥයකු සහ ප්‍රවීන ගායන ශිල්පියකු වන ආචාර්‍ය වික්ටර් රත්නායකයන් විසින් දස වසරකට පසුව පැරීසියේ දී පවත්වනු ලබන ” තනි තරුවේ ” සංගීත ප්‍රසංගය ලබන නොවැම්බර් මස 05 වැනි ඉරිදා සවස 6.00 ට ඉදිරිපත් කිරීමට නියමිතය.

1964 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කළ වික්ටර් රත්නායක, පසු කලකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

ප්‍රවීන ගීත රචකයන් වන ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ. ඩී. කේ. ධර්මවර්ධන මෙන්ම ආර්. ආර්. සමරකෝන්, චින්තන ජයසේන සහ බණ්ඩාර කේ. විජේතුංග යන සම කාලීනයන්ගේ ඉල්ලීම මත 1973 ජුලි මස ආරම්භ කළ ” ස ” ප්‍රසංගය වසර 39 ක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යමින්  වික්ටර් රත්නායක නම් වූ කලාකරුවා ශ්‍රී ලංකීය සංගීත ලෝලීන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර විය.

වික්ටර් රත්නායකයන් විසින් මේ වසරේ එළිදැක් වූ ” මගේ සඳ ඇවිත් ” නම් වූ නවතම ගීත නිර්මාණය මේ වන විටත් අතිශය ජනප්‍රියතවයට පත් වී ඇත.

අති දක්ෂ තරුණ සංගීතඥයකු වන සුරේෂ් මාලියද්ද ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුතු ” තනි තරුවේ ” ගී ප්‍රසංගයේ දී වික්ටර් රත්නයක  සමඟ නිරෝෂා විරාජිනී නම් වූ අති දක්ෂ ගායන ශිල්පිණිය ද සහභාගි වනු ඇත.

Espace Saint Pierre, 121 Avenue Achille Piêretti 9200 යන ලිපිනයේ දී පැවැත්වෙන මෙම මියුරු සර සංගීත සංධ්‍යාවට පැමිණ , ස්වභාවිත ගීතයේ රස විඳ ගන්නා මෙන් , ” තනි තරුවේ ” සංගීත ප්‍රසංගයේ සංවිධායකයෝ පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *