ගායිකා ප්‍රියානි ජයසිංහව ඝාතනය කරයි

සංගීත නිර්මාපකයෙකු සහ ගායිකාවක ලෙස දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගෞරවයක් ලබා ගෙන සිටි ප්‍රියානි ජයසිංහ මහත්මියව ඝාතනය කර ඇතැයි පානදුර පොලීසිය පවසයි.

ප්‍රියානි ජයසිංහ මහත්මියව මෙසේ කපා කොටා ඝාතනය කර ඇත්තේ , පානදුර අළුබෝමුල්ලේ පිහිටි ඇයගේ නිවස තුළදීමය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමකට අනුව පානදුර පොලීසියට අනුයුක්ත පොලිස් කණ්ඩායමක් විසින් අද (08) රාත්‍රී 8.45 ට පමණ ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා වන රසික ඒඩ්න් ප්‍රභාත් යන අයව අත් අඩංගුවට ගැනීමට මේවන විටත් පොලීසිය මෙහෙයුමක් සිදු කරමින් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *